Jealously

279 54 27
                                    

කේන්තියෙන් පුපුරද්දි ජිමින් ආවේ කෙලින්ම ගෙදර.. ආව වේගේ හිතාගන්නවත් ජිමින්ටත් බෑ..

"සෙනා"

ගෙදරට අඩිය තියද්දිම ජිමින් කෑගැහුවේ සෙනාගේ නම කියලා.. කෙල්ල ගැස්සුනේ ඒ සද්දෙට..

"ජිමින් ඇවිල්ලා වගේ අජුම්මා.. ඉන්න මන් බලලා එන්නම්"

කෙල්ල කිචන් එකේ ඉදලා දිව්වේ ජිමින් ළගට..

"ඊයේ කොහෙද"

කෙල්ලට කතා කරගන්නවත් නොදී ජිමින් කෙල්ලගේ කම්මුලට ගැහුවේ කෙල්ලව හිටිය තැනෙන් අඩි දෙක තුනක් ආපස්සට විසික් වෙන්න..

සද්දෙට අජුම්මා දුවගෙන ඇවිල්ලා කෙල්ලව නැගිට්ටවන්න හදද්දී ජිමින් කෙල්ලගේ අතින් ඇදලා ගත්තා..

"පොඩි මහත්තයා.."

"අජුම්මා කියලා තියනවා.. පැත්තකට වෙන්න 😡😡😡"

යකා වේසෙන් හිටිය ජිමින් කෙල්ලව ඇදගෙන ගියේ උඩ කාමරයට.. කෙල්ල හොදටම බය වෙලා හිටියේ..

"ජිමින් මට රිදෙනවා.. අහ්හ් ජි.. ජිමින්"

කාමරයට ගිය ජිමින් කෙල්ලව කාමරේ මුල්ලකට තල්ලු කරලා දැම්මා.. අජුම්මා එදා වගේම පහල ඉදලා අසරණකමකින් බලන් හිටියේ කරකියාගන්න දෙයක් නැතුව..

"ජි.. ජි..ජිමින්.. මොකද උනේ?"

ජිමින් රතු වුන ඇස්වලින්ම කෙල්ල ලගට ළං වෙලා කෙල්ලගේ නිකට තද කරලා අල්ල ගත්තා..

"උබ ඊයේ මොකා එක්කද ඩිනර්වලට ගියේ??"

"යා..යාලුවො"

"මූද යාලුවා?"

ජිමින් පෙන්නුවේ ඊයේ ජීහු එක්ක හිටිය ෆොටෝ වගයක්..

"මේවා.. මේවා කොහෙන්ද??"

"ඇයි උබට පුදුමද?? නටන්න පුලුවන් නේ හිතුවට වඩා?? ඊයේ රෑ තව කොහෙද ගියේ??"

"අනේ ජිමින් එහෙම නෑ.. මේ.. මේ යාලුවෙක්.. අපි..අපි කාලා ගෙදර ආවා.. අනේ ජි..මින්"

"මන් ඕවා විශ්වාස කරයි කියලද හිතුවේ?"

"මන් ඇත්ත කියන්නේ?? ඔයා ඊයේ එනකන් මන්"

"කටවහපන්.. උබට අදින් පස්සෙ ගෙදරින් අඩියක් එලියට තියන්න බෑ.."

Half Husband Where stories live. Discover now