💖පලමු පරිඡ්චේදය 💖

2.8K 307 30
                                    

Episode 1

"ඩැඩී මම ඔයාට කියල තියනවනෙ මට එයාව විතරයි ඕන"
කියලා මහ හයියෙන් කෑ ගැහන්නේ යීබෝ එයගෙ තත්තට එයාගෙ හිත ගිය කෙල්ල ගැන කියලා. ඒත් යීබෝ කැමති උනත් ඒ කෙල්ලනම් යීබෝටනම් කැමති වෙලා හිටියෙ නැහැ.
       
ඒත් මේ යීබෝ කියන්නේ චීනයෙ ඉන්න පලමු පෙලේ විශාලතම ව්‍යාපාර ජාලයේ සභාපතියගේ දෙවනි පුතා. දනය, බලය හැම දෙයක්ම මැද හැදිච්ච මේ කොල්ලා ගොඩාක්  අත්මාර්තකාමී සෙල්ලලක්කර ජිවිතයක් තමයි ගතකරේ.

"පුතා මම ඔයාට කියල තියනවනේ ඒ කෙල්ලගේ තාත්තා හරිම කපටි මනුස්සයෙක් එයාට ඔන එයාගෙ දුව ඔයාගෙ කරේ එල්ලලා අපේ බිස්නස් වලට ජොයින් වෙන්න . අනික ඔයා මට දවසක් කිව්ව නේද ඒ කෙල්ල තාමත් ඔයාට කැමැත්ත දුන්නෑ කියලා."

"ඒකනෙ ඩැඩී මට ඔයාගෙන් උදව් ඔන . ඔයා දන්නවනේ මම මෙච්චර කාලෙකට එකම කෙල්ලෙක්ට මම කැමති වෙලා නෑ කියලා ඒකනිසා මට මේ කෙල්ලව කොහොම හරි මගෙ ලගට ගන්න ඕන ඩැඩී. නැත්තන් මගෙ යාලුවො පවා මාව විහිලුවට ගනි කෙල්ලෙක්වත් තාම සෙට් කරගන්න බෑ කියලා. ප්ලීස් හෙල්ප් මී ඩැඩී "

කියලා යීබෝ ඩැඩීගෙ රූම් එකෙන් යන්න හද්දිම යීබෝගේ මමි රූම් එකට ආවත් යීබෝ එහෙමම ගියේ උදේ තියන.ලෙක්චර්ස් වලට යන්න පරක්කු වෙන නිසා.

"ලාන් ඔයා තමයි මේ යීබෝව මෙච්චරටම නරක් කරලා තියෙන්නෙ.දැන් බලන්න ඔයාගෙ හුරුතලේ නිසා එයා මුරන්ඩු වෙලා තියන හැටි"

මැඩම් ලාන් ඒ කියන්නේ අපේ යීබොගෙ අම්මා. යීබෝගේ තත්තා මැඩම් ලාන්ට බනින්න පටන් ගත්තෙ අම්මා මෙහෙම යීබෝව හුරුතල් කරන නිසා එන්න එන්නම යීබෝගේ හිතුවක්කරකම් වැඩිවෙනව කියලා දැනුන නිසා
උදේ තිබිච්ච ලෙක්චර්ස් ඉවර කරපු යීබෝ කා එකත් පාර අයිනේ නවත්තන් එකට හේත්තු වෙලා යතුරත් කරකව කරකව බලන් හිටියෙ එයා කැමති  එයාට  අකමැති කෙල්ල මියැන් එනකන්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
тσgєтнєя ℓσνє 💖🔞💋⚠️️ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now