49 Story වෙතින් ඔබේ දැනුම් පොතට

258 59 36
                                    

2017.05.06 (පෙර දිනයමයි.)
15ᵗʰ Day
__________________

එදා රෑ ලයා බාල්කෙ එල්ලිලා ඉන්න අතරෙ එයාට ඇහුනා එතන ඉන්න ආරක්ෂකයො කතා වෙන දේවල්.
මේ ටාස්ක් එක ගැන එක එක දේවල් එයාලා කතා කළා. ඒ අතරින් මේ අන්තිම ටාස්ක් එකේ ආකෘතිය අරගත්තු තැන ගැන කියනවා ලයාට ඇහුනා.
ඒ මෙක්සිකෝවෙ තියන ඇත්තම වනාන්තරයක් එක්ක සම්බන්ද දෙයක්. ඒ හා සමානම තවත් වනාන්තරයක් ගැනත් එයාලා කතා කළා.
ලයා හොඳින් අහගෙන හිටියා.

_______________________________________

මෙක්සිකෝවේ මැරුණු බෝනික්කන් වනාන්තරය.
( Mexican dead Doll Island / forest )

නම කියෙව්ව ගමන් ඉතින් තේරෙනවනෙ කොහෙද රට කියල නේද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම කියෙව්ව ගමන් ඉතින් තේරෙනවනෙ කොහෙද රට කියල නේද..
මේක මෙක්සිකෝවේ අගනගරයට දකුණු පැත්තෙන් තියන දූපත් වනාන්තරයක්. ඔයාලා දන්නවනෙ අර ලංකාවෙ මඩොල්දූවෙ කතාව. අන්න ඒ වගේ කතාවක් තමා මුල හරියෙ මේ දූපතේ කතාවත්.

මඩොල්දූව වගේම මේකත් සාමාන්‍යෙන් අනිත් ගොඩබිම් කළාපෙන් වෙන් වෙලා වතුරෙන් වට වෙලා තියෙන්නෙ. මේ දූපත වටාත් මිත්‍යාවක් පැතිරිලා තියනව අද්භූත තැනක් කියලා. මතකනෙ මඩොල්දූව කතාවෙ තියනවා ඒකෙත් ගිනි හට්ටියක් අරන් යන අවතාරයක් ඉන්නව කියලා මිනිස්සු කිව්වා කියලා. මේකෙත් එහෙම අද්භූත දේවල් වෙනව කියලා මිනිස්සු කියනවලු. ඒ නිසා කිසිම කෙනෙක් මේ දූපතට යන්නෙ නැහැ. සංචාරකයොන්ට මේ දූපතට යන්න මඟ පෙන්වන්නත් මිනිස්සු බය වුනා.

ඒත් මේ දේවල් ඔක්කොම වෙනස් කළේ ජුලියස්. එයා තමන්ගෙ බිරිඳවයි , ළමයිනුයි හැමෝවම අතඇරලා මේ දූපතට පදිංචියට ගියා.
මතකද මඩොල්දූවටත් එහෙම මනුස්සයෙක් ආවා. අර ගිනි හට්ටිය අරන් ගිය මනුස්සයා ..... ජින්නලත් එහෙමනෙ ආවෙ...

■● « 49 Pages with 49 Days »●■Where stories live. Discover now