07 - ඉවසන්න.

331 77 90
                                    

□■□■□■□■□■□■□■□■□■□■□■□■□■□
●○●□■□  49 Pages with 49 Days  □■□●○●
            ■□■□■□■□☆07☆□■□■□■□■

2017.04.27
6ᵗʰ Day
•••••••••

ඊයෙ දවසෙ කිසිම විශේෂ දෙයක් සිද්ධ වුනේ නැහැ. ඒ නිසාම අපි ගොඩක් බයෙන් හිටියෙ. අද අප්‍රේල් 27.
අද උදෙන්ම අපිව අඳුරු හෝල් එකට ගෙන්නුවා. ඉතුරු වෙලා හිටියෙ 470 දෙනයි. අපි හැමෝවම ආපහු කණ්ඩායම් හතරකට බෙදුවා.
එක කණ්ඩායමක 117 දෙනා ගානෙ. ඒත් දෙන්නෙක් ඉතුරු වුනා. ඒ දෙන්නගෙන් එක්කෙන්ක් ටෝරු. එයා එක්ක තව ජපන් ගෑණු ළමයෙක් තමයි ඉතුරු වුනේ.

කණ්ඩායම් හතර ලොකු හෝල් හතරකට එක්කන් ගියා. එහෙම අපිව එක්කන් ආවෙ කලුවරම කලුවර  ගොඩාක් දිග හෝල් එකකට. ඒකෙ දිග කොයිතරම් ද කියනවනම්... අපිට අනිත් කෙලවරේ තිබුණ කහපාට ලයිට් එක පෙනුනෙ පුංචි කණාමැදිරියෙක් වගේ.

ඒ හෝල් එකේ අපි හිටගෙන හිටපු තැනට ටිකක් ඉස්සරහින් බිම රෝසමල් පෙති අතුරපු පාත් නවයක් තිබුණා. ලස්සන පලසක් වගේ.

එතන හිටිය සීනියර් කෙනෙක් කිව්වා සපත්තු ගළවලා පේළි නවයක් හැදෙන්න කියලා. එක පේළියක 13දෙනා ගානෙ පේළි නවයක් හැදුනා. අපි හිටගෙන හිටියෙ රෝසමල් තිබ්බ පොඩි පාත් එක ඉස්සරහින්.

" මේ හෝල් එකේ කෙලවර , අර ලයිට් එළිය පේන තැන රෝස මල් තියනවා.
ඔයාලා මේ රෝස පෙති පාත් දිගේ ඇවිදගෙන යන්න ඕන ඒක ගන්න. මේ රෝස පෙති පාත් එක ඉවර වෙන තැන තියනවා රෝස මල් බකට් එකක්. පාත් නවයම ඉවර වෙන තැන බකට් නවයක් තියනවා. එකක 13යි තියෙන්නෙ. පේළියෙ යන දහතුන් දෙනාට මලක් ඒකෙ තියනවා. මේ පාර දිගේ ඇවිදගෙන ගිහිල්ලා එතනින් රෝසමලක් අතට ගන්න එක තමයි ඔයාලට කරන්න තියෙන්නෙ. හැබැයි රෝස පෙති පාත් එක උඩ යන්න පටන් ගත්තට පස්සෙ සාමාන්‍ය පොළොවට අඩිය තියන්න තහනම්."

සීනියර් එහෙම කිව්වා. ඒක ගොඩක් ලේසි වැඩක්නෙ.. ඉතින් අපි ඇවිදගෙන යන්න පටන් ගත්තා.
පේළියෙ පළවෙනියට හිටිය කෙනා අඩි දෙක තුනක් ඇවිදගෙන ගියා. ඒත් ඊටපස්සෙ මහ හයියෙන් කෑගහලා ආපස්සට හැරිලා එන්න හැදුවා. ආපස්සට හැරුණ ගමන්ම එයාට පිටිපැත්තෙ හිටිය කෙනාගෙ ඇඟේ වැදිලා එයාව එතනම බිමට වැටුනා.

■● « 49 Pages with 49 Days »●■Where stories live. Discover now