සෝල්හි ස්මාර්ට් ටවර් නිවාස සන්කීර්ණයේ උඩු මහලේ සිටි අයෙක් නිහඩවම රැ ආකාශයේ දිදුලන තරු දෙස බලාසිටියේය.. උදුවප් මස දැඩි ශීතලකින් යුක්ත වුවත් ඔහුට ඒ ශීතල නොදැනුනේ ඔහුට කලකට ඉහත ශීත ඍතුවේ හමු වූ සුර දූතයා ගැන බොහෝ වෙලා කල්පනා කරමින් සිටි නිසාවෙනි.. දිලිසෙන දෑස්, පිරුණු රෝස පැහැ කම්මුල්, සිනහාවෙන විට සාවෙකුගේ මෙන් පෙනෙන දසන් පෙළ ඒ සුරදූතයාට පමනක් අනන්‍යවූ ලක්ෂණ විය.. එම සුරදූතයා හා ගත කල මිහිරි කාලය මතක් වීමෙන් ඔහුගේ මුහුනේ දීප්තිමත් සිනහවක් අනිච්ජානුගවම ඇදී ගියේය..
''ටේහ්‍යුන්ග්..''
ඔහු පියවි ලොවට පැමිනියේ යමෙකු ඔහුට කතා කරන ශබ්දය ඇසීමෙනි..
''සේරා..''
''එලියේ හිමත් වැටෙනවා ඔයාට සීතල නැද්ද?''
එලෙස පවසන ගමන් සේරා ටේහ්‍යුන්ග්ගේ බද වටා තම දිගු දෑත් යවමින් ඔහුගේ පිටට හේත්තු විය.. ඒ ක්ශනයෙන් තමා හට අකුනක් ගැසුවාක් මෙන් ටේහ්‍යුන්ග් ඇයව වේගයෙන් තම සිරුරෙන් ඈත් කලේ ඔහු වරදකාරි හැගීම් රාශියක පැටලි සිටි බැවිනි..
''මට සීතල නෑ සේරා.. අපි ඇතුලට යමු.. එලියේ හිටියොත් ඔයාව අසනීප වේවි..''
''හුම්ම්..''
තම ඉදිරියට නෙරා ආ කුසත් පිරිමදිමින් ඇය පහත මාලය වෙත ගමන් කලේ තම සැමියා වූ ටේහ්‍යුන්ග්ගේ උදව්වක් හෝ නොගෙනය...
to be continued....
KAMU SEDANG MEMBACA
Sorry || taekook ff ||
Fiksi Penggemar''ටේ '' ''මට සමාවෙන්න මට ඔයාට ආදරේ කරන බැ..'' ''හුම්ම්...''
