Everything changed..... 💔

122 18 48
                                    

"ලියා....."

ලියා ආපස්ස හැරුනේ මගේ කටහඩට.. ප්‍රශ්නාර්ථයක් එක්ක ලියා මන් දිහා බලන් හිටියා..

"ටේ ඔයා පොඩ්ඩක් වොශ්රූම් එකට යන්නකෝ"

ටේ වොශ්රූම් එකට යැව්වේ ආවේ කවුද කියන්න දන්නේ නැති නිසා.  ඔව් කාටවත් බයේ ජීවත් වෙන්න ඕනේ නෑ තමා, බට් විහින් ලෙඩ දාගන්නවට වඩා ඒවයින් ඈත් වෙන එක හොදයි කියලා හිතුනා.. ටේ වොශ්රූම් එකට ගියාම ලියා ගිහින් ඩෝ එක ඇරියා..

"මාශී.... ඔයාලා කෑම ඕඩර් කලාද??"

ඒ සද්දෙට වොශ්රූම් එකේ ඉදන් එලියට ආවේ ටේ..

"ඔව් ඔව් මන් ඕඩර් කලා.."

ටේ ගිහින් කෑම ටික අරගෙන ආයේ අපි කෑම මේසෙට ආවා.. ඒත් ලියාගේ මූණේ තිබ්බේ ලොකු ප්‍රශ්නයක්.

"මට කියන්න මොකක්ද මේ වෙන්නෙ කියල?"

කන ගමන් මගෙයි ටේගෙයි දිහාවට හැරුන ලියා ඇහුවා..

"හ්ම්ම්ම්ම් ටේ සාහියට ආදරේ නෑ"

"අහ්හ්හ්හ්"

ටේ වුන හැමදෙයක්ම ලියාට කිව්වා.. යූබින් කිව්ව කරපු දේවල් එක්ක ටේ මොනාද කලේ ඇයි මාශීට රිද්දුවෙ මේ ඔක්කොම ටේ එක දිගට කිව්වා.. ටේ කියන වචනයක් ගානේ මගේ ඇස්වලට කදුලු ආවා.. මොකද ඒ වචනයක් වචනයක් ගාණේ ටේගේ ඇස් කදුලුවලින් දිලිසුන නිසා.. කොහොමත් මට එයා දුකෙන් ඉන්නවා බලන්න බෑ..

"බලෙන් ආදරයක් කොහොමද ටේ එයාලා ගන්නේ?"

"හ්ම්ම්"

"හ්ම්ම් මට ඔයාලා දෙන්න ගැනම ගොඩක් දුකයි.. ඒත් මෙහෙම හැංගි හැංගි ඉන්නද හදන්නේ හැමදාම??"

"මට පොඩි කාලයක් ඕනේ ලියා.. ඒ වෙනකන් මාශීට ඉවසන්න වෙනවා"

"හ්ම්ම් හොදට හිතල දෙයක් කරන්න.. ඒත්"

"ඇයි ඒත් ලිය??"

මන් කතාව මැද්දට පැන්නේ ලියාගේ මූණ වෙනස් වුන නිසා..

"ඔය කිව්ව වගේ යූබින් හොද නැති මනුස්සයෙක් නම් ඔයාලා හිතනවට වඩා මේක ඇවුල් ජාලයක් වෙයි.. ඔයාලා දෙන්නගේම ජීවිත අනතුරේ තියෙන්නෙ.. මට මගේ ආදරේ නැති වුනා.. ඒත් ඒකයි මේකයි වෙනස්.. ඔයාලා දෙන්න දෙන්නට මෙච්චර ආදරේ කරල ඈත්වෙලා විදින දුක දැක්කම මට මගේ දුක මොකක්ද කියල හිතෙනවා.. මන් හිතුවේ ආදරේ නොකියා ඉදල තමන් ඉස්සරහ නැති වෙන එක තමා දරාගන්නම බැරි කියල.. ඒත් මට තේරෙන්නෙ නෑ ඔයාලා කොහොම ඕක දරාගන්නවද කියලා.. බට් මේක මතක තියාගන්න, හැමදාම මේ ප්‍රශ්න තියෙන්නෙ නෑ.. ඔයාලට ඉක්මනටම මේ ප්‍රශ්නවල ඉවරයක් දකින්න ලැබෙයි"

I'm addicted to you Where stories live. Discover now