Part 24 👨‍❤️‍👨

Start from the beginning
                                    

මට කොච්චර නිදිමත උනත් ඇදට ගිහින් නිදාගන්නත් කම්මැලි...

මගෙ පැටියාගෙ ඔළුව රිදෙනවාද???
ම්ම්ම්ම්...."""

ඇල්බා මගෙ කෙස් අස්සෙන් හිමීට ඇගිලි තුඩු එහෙ මෙහෙ යවන ගමන් ඇහුවා...
ඔළුවට දැනෙන සනීපෙ නිසාම මම මුකුත් නොකියා ඇස් දෙක පියාගෙනම ඉදියා...
විනාඩි පහකට මට නින්ද යන්න ඇතී...

යේඒඒඒඒඒ....
යෙස්....
වූහ්හූඌඌ....
ඔයා මේ පාරත් ඔට්ටුව පරාදයී
දැන් දෙන්න දෙනවා කියලා කියපු එක....""

මාව උඩ ගිහින් ඇහැරුනේ රෝසාගෙ කෑගැහිල්ලට...
මුන් දෙන්නා එක්ක කොහෙ නිදාගන්නද??
ලොකුවට වෙලා තියෙන දේනම් කියන්නත් දුකයී මිත්‍ර වරුණී...
PUBG කප්පිත්තෙක් වෙච්ච ලොකුවා
මේ පොඩි game එකකදි හැතිස්සෙම රෝසාට පරදිනවා...
හනිච්චං දුක්කේ ලොකුවට ගිය කලක්...

රෝසා කැමති කැමති දේවල්
හේතුවක් නැතුව අරන් දෙන්න බැරි නිසා
ලොකුවා ඔට්ටු දාලා පැරදිලා ඒ මාර්ගෙන් රෝසා ඉල්ලන දේවල් අරන් දීලා සතුටු වෙනවා...

රෝසා දැන් නිතරම හිනාවෙලා සතුටින් ඉන්නවා...
ඉස්සෙල්ලා රෝසාගෙ මුණෙ තිබුන සුදුමැලි ගතියත් දැන් නෑ...
ප්‍රාණවත් අහොංසක හිනාවට ආපහු පණ ඇවිල්ලා...
ඉදිකටුවට ඇමිණිච්ච නූල වගේ
ලොකුවාත් රෝසා පස්සෙන්මයී...

රෝසාගෙ හිනාවට 100%ක්ම හේතුව ලොකුවා...
ඌ හැමදේම කරන්නෙ රෝසාව හිනා ගස්සලා තියන්න...
ලොකුවා හිතා මතාම රෝසාට පැරදිලා රෝසාගෙ සතුට දිහා බලලා සතුටු වෙනවා...
හරියට ඇල්බා වගේ...

මගෙ සුද්දාත් එහෙමයී...
කාටවත්ම පරද්දන්න බැරි ඇල්බා
මාත් එක්ක හෑන්ඩ් ෆයිට් කරන හැමදවසකම පරදිනවා...
මම හිනාවෙන දිහා බලන් ඉදලා මටත් වඩා සතුටින් ඇල්බා හිනාවෙනවා...
ඇල්බාගෙ ආදරේ තරම මට හිතාගන්නත් බැරි තරම්...

************************************

ආදරේ මාව විහිලුවකට ගත්තා...
ඉල්ලපු නැති වෙලාවක ආදරේ දීලා
ඕනේ කියලා ඉල්ලලා අඩනකොට උදුරලා ගත්තා...
මගෙන් උන වැරැද්ද මොකද්ද කියලා හිතාගන්න බැරුව අදටත් මම විදවනවා....
මගෙ අතින් උන වැරැද්ද මොකද්ද කියලා මට අදටවත් හිතාගන්න බෑ...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)On viuen les histories. Descobreix ara