CHAPTER 02

127 32 1
                                    

'' Kim Seokjin...බලාගන්නවා..මෙහෙම තමයි බෝලයක් අතට ගන්නේ...වැඩ කට නැති මෝඩයා...විරිත්ත විරිත්ත හිටපන්....''

ඒ තියුණු කටහඩත් සමග සෙමෙන් තමන්ගේ කය ඉහළට එස වූ ඔහු බැලුවේ බෝලයත් අත් දෙකෙන්ම ඔසවාගෙන තමන් දෙස රාක්ෂ බැල්මක් දමා ගෙන සිටින කොල්ලා දෙස...

වැරැද්ද ඔහුගේ අතේ බව වටහාගත් නිසා ඉක්මනින් සිය හිස  පහතට කොට  සමාව ගත් ඔහු සෑමවිටම මුවෙහි පවතින හිනාව ඔහුටද පිරිනැමුවා...

'' පිස්සෙක්..''

දසන් විදහා සිනහසෙන ඔහු වෙත විකාරකාරයෙක් දෙස බලනවා හා සමානව බැලූ එම කොල්ලා බෝලයත් රැගෙන ඔවුන්ට නියමිත ස්ථානය කරා ගියත් 'ජින්' යන නාමයෙන් සදහන් කළ Ginkgo ගස් සෙවනේ හීන දකින්නා තවමත් සිනා මුසු මුහුණින් ඔවුන් දෙස බලා සිටිනවා...

'Kim SeokJin'

එයයි එම දැකුම්කළු සිනහා උපදවන්නාගේ නම...

එහෙත් ඔහු ආසා කළේ ඔහුට ජින් යන නාමය පමණක් භාවිත කිරීමට...ඔහු බෙහෙවින් ආසා කළා ඔහුගේ යහළුවන් ඔහුට 

' ජින් හෝ ජිනා '

යැයි අමතනවාට...

එහෙත් කොහෙද ජින්ගේ යාළුවො ඉන්නේ?

කොළ පැහැයට හැරී පැවතුණු Ginkgo ගස් මානයට ඇදුණු ඒ ඇස් හෙව්වේ එයාගේ යාළුවන්ව...

සුළග පණ නං වන ආකාරයෙන් ඇබරෙන Ginkgo ගස් දිහා බලාගෙන ජින් හිතුවේ එයාලා තමන්ට අත වනනවා කියලා...ජින් හිනාවුනා...මීට කලින් සිනාසුනාටත් වඩා වැඩියෙන් හිනා වුණා...

වෙව්ලන අතැගිලි, සහිත රැළි වැටී තිබුණු අත හෙමින් ඉහළට එසවූ ජින් Ginkgo ගස් නිම්නයට ප්‍රතිචාර දක්වන්න වෑයම් කරත් තමන්ගේ හිතු මනාපෙට ක්‍රියාවෙහි නොයෙදෙන අත් හේතුවෙන් ඒ අවස්ථාවද ඔහුගෙන් ගිලිහී ගියා...

නමුත් ඒ මුහුණ...                                                                                                                        ඔහු තවමත් සිනාසෙනවා...                                                                                                      ජින් ගේ පියකරු හිනාව පිටිපස්සේ තියෙන රහස මොකක්ද ඇහුවොත් ඔහුට කියන්න දහසක් දේ තිබ්බා...

ඒත් Ginkgo ගස් ඇරෙන්න තාම කවුරුත් එයාගෙන් ඒ ගැන අහලා නෑ...

'' හලෝ සහෝදරයා..''

_________________________________________________

To Be Continued..... 

Ginkgo Breath : Jin x Kook [ Completed ]Where stories live. Discover now