💚❤ Chapter 16 ❤💚

Start from the beginning
                                    

ගමන සදහා ශාන්, යීබෝ, යැන්ලි, චෙං , චෙංගේ නන්ගි සහ වෙංද සහභාගි වන්නට වුනා..

බීජිං වලින් ආරම්භ කල ගමන ඔවුන් යන්නට වුනේ ගොවැන්ඩෝ වෙතයි..එහි ඇති ශීතල පරිසරයෙහි විනෝදවිම සදහාම කදවුරු බැදීමට වෙන්වූ ප්‍රදේශයක ඔවුන් සැම විනෝදවීම සදහා තෝරා ගනු ලැබුවා..ඔවුන් එහි යනවිටත් හවස් කාලය උදා වී තිබූ බැවින් විනෝදවීම සදහා හෙට යෑමට කතිකා කර තම තමන්ට රැය ගත කිරීම සදහා සැවොම එකතු වි තම තමන්ට අවශ්‍ය ආකාරයට කූඩාරම් තනා ගන්නට විය.. පැමිනි සිටි සියලු දෙනාම බෝ හා ශාන් ආදරය කරනා බව දන්නා බැවින් ඔවුන් හට කිසිම තහංචියක් නොමැතිවම ඔවුන් සදහාම කූඩාරමක් තනා ගැනීමට හැකි වූ අතර යැන්ලි අක්කා හා චෙංගේ සහෝදරිය එක් කූඩාරමක්ද, චෙං හා වෙං තවත් කූඩාරමක්ද ඔවුන් වෙනුවෙන් සකසා ගන්නට වුනා..

👱‍♂️" බෝ බෝ" කූඩාරම වටා කැරකෙමින් ශාන් කතා කරන්නට වුනේ තවමත් කූඩාරමේ එක් කොනක් සාදා ගැනීමට උත්සහ කරන බෝ දෙස බලමිනුයි..

👱‍♂️" ඇයි බනී" බෝ කූඩාරම සාදන ගමන්ම උත්තර දුන්නා..

👱‍♂️" රෑට මෙහෙට සත්තු එනවද දන්නේ නෑනේ..🥺"ශාන් කියන්නට වුනේ ටික ටික කලුවර වී එන ප්‍රදේශය දිහා ඇස් යවමින්..

👱‍♂️" සත්තු නම් එනවා ඇති බනී.. බලන්නකෝ මේ වටේම තියෙන්නේ හද්ද කැලේ. ඉතිම් සත්තු එනවා තමයි.. මොකෝ චන්ඩියා බයයිද දැන් සිංහයෙක් කොටියෙක් එහෙම එයි කියලා.මෝඩ බනියා🤣🤣" බෝ ශාන් දෙස බලා කියමින් හයියෙන් සිනාසුනා.

👱‍♂️" අනේ මේ පාඩුවේ ඉන්න බෝ බෝ☹️☹️ මන් මේ බයකට ඇහුවා නෙමෙයි අක්කා බයයි සත්තුන්ට ඒකයි මන් මේ ඇහුවේ.. සතෙක් එහෙම ආවොත් අක්කා ආයෙත් ගෙදරටම දුවලා නතර වෙයි..එහෙම දුවලා හරි නතර උනොත් හොදයි..😊මෝඩ බෝ බෝ😑😑.. "ශාන් බෝට රවමින් කිව්වා..

👱‍♂️" අහ් මේ අක්කා බය නිසාද ඇහුවේ..🙃🙃 මන් හිතුවේ මේ මට විතරක් සිංහ පාට් දාන සිංහයා බය වෙලා කියලා🤪🤪 අක්කාට බය වෙන්න දෙයක් නෑ එයාලගේ කූඩාරම මැද්දෙන් තියෙන්නේ.දෙපැත්තෙන් පරිස්සම් කරන්න ඔයයි මමයි චෙනයි වෙනුයි සේරමලා ඉන්නවා.. අපි පරිස්සම් කරේ නැතත් චෙනා හෙට උදේ වෙනකන් හරි ඇහැරන් මදුරුවෝ තල තල අක්කගේ කූඩාරම පරිස්සම් කරයි බනියෝ.. ඔයාගේ වන් ඇන්ඩ් ඔන්ලි මස්සිනාව විශ්වාස කරන්න😉😉" බෝ ඇහැක් ගසමින් සිනාසෙන්නට වුනේ මූන බුම්මන් ඉන්න ශාන් දෙස බලමිනුයි.

💐💐 The fateful love 💐💐Where stories live. Discover now