💚❤ Chapter 16 ❤💚

125 31 1
                                    

💐💐The Fateful Love💐💐

💚Chapter 16❤️

Continue 🌹🌹🌹🌹

👨" බෝ අපි කැම්පින් යමුද. මම ඔයා අක්කා මමා පපා හැමෝම... අහ් අමතක උනා අපේ චෙනාවනම් අරන් යන්නම ඕනේ . ඔයා එදා කිව්වා වගේ ඒකගේ හිතේ අක්කා ගැන තියෙනවනම් අපි ට්‍රිප් එක දවසට ඒකත් එලියට ගමු😁😁" ශාන් බෝට කුප්ප හිනාවක් දමමින් කිව්වා..

👨" හරි බනී එහෙනම් ඔයා ඔක්කෝම ටික ඇරේන්ජ් කර ගන්නකෝ අපි යමු..😊😍"

Continue 🌹🌹🌹🌹

කාලයාගේ ඇවෑමෙන් ටිකෙන් ටික ශාන්ගෙත් පවුලේ හැමගේත් ආදරය සමග බෝ හොදටම හොද වී නැවතත් සුපුරුදු පරිදි එයාගේ ජීවිතයට හැඩ ගැහුනා..ශාන්ගේ බලා ගැනීමත් සමග වයිද්‍යවරුන් පවා පුදුම කරමින් බෝ ඉක්මනින්ම  සුව වෙන්නට වුනේ ඔහුගේ ගතේ මෙන්ම හිතේ හයිය හා ශාන්ගේ රැක බලා ගැනීම නිසයි.නැවතත් පෙර පරිදිම බෝ ඇකඩමියෙහි වැඩ වලට සම්බන්ද වූ අතර ශාන්ද පොත් සාප්පුවේ මෙන්ම ඔහුගේ අනික් රැකියාව වන ග්‍රැෆික් ඩිසයිනින් වැඩ සදහාද කාර්‍ය්‍ය්බහුල වන්නට වුනා.. ශාන්ගේ ඇවටිල්ල නිසාම බෝ ටික කාලෙකට මෝටර් බයිසිකලය අයින් කරන්නට වූ නිසා සෑම දිනකම ශාන් විසින් බෝව ඇකඩමියට ගෙන යාම හා ගෙන ඒම සිදු කරනු ලැබුවා.. ශාන් ඇකඩමියට එන හැම අවස්ථාවකම බෝ සමග රන්ඩු සරුවල් වෙමින් ඉන්නට වුනේ ඇකඩමියේදී ශාඕ විසින් ඕන කමින්ම බෝගේ ඇගෙ එල්ලීම සදහා මාන බලමින් සිටින්නට වූ බව ශාන් විසින් හොදාකාරවම දැන වුන් නිසයි.. ඒත් ශාන් බෝ සමග ශාඕ නිසාම රන්ඩු කරන නිසා ශාන් කෙරෙහි බෝගේ හිතේ තිබූ ආදරය  දවසින් දවස තව තවත් දලුලන්නට විය.. ඒ ආදරය මැද්දට වෙනත් කිසිවෙකුට පැමිනීමට නොහැකි ලෙස බෝ විසින් ඔහුගේ හිතට හා ශාන්ගේ හිතට තහනම් පනවා තැබුවා...

බෝ හොදටම සුව වී මාසයක් පමන ගත වූ පසු යැන්ලි අක්කාගේ පෙරැත්ත නිසාම කට්ටියම ට්‍රිප් එකක් යෑම සදහා සූදානම් වන්නට විය...ගමන සදහා ශාන්ගේ මව හා පියා සම්බන්ධ නොවුනේ පියාගේ බිස්නස් වැඩ වගයක් සදහා ඔහුට පිටරට  යෑමට සිදු වූ නිසත් මවට තරුන දරුවන් හා ගමන නොයාමට තිබූ අකමැත්ත නිසා ඔවුන්ගෙ සතුට ඔවුන්ට විදීමට දීම හොද බව සිතා මවද පියා සමග විදෙස් රටට යාමට සූදානම් වන්නට වූ නිසයි..

💐💐 The fateful love 💐💐Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ