💚❤ Chapter 17 ❤💚

121 36 5
                                    

💐💐The Fatefule Love💐💐

💚Chapter 17❤️

Continue🌹🌹🌹🌹

යැන්සි ආව එක ගැන හිතෙහි කිසිදු සතුටක් නොතිබූ  ශාන් අහක බලමින් දත්මිටි කන්නට වුනේ තව ටිකකින් මෙතනට බෝ ආ පසු කුමක් සිදු වේද යන්න සිතින් සිතමිනුයි. කෙසේ හෝ යැන්සිව මේ තැනින් යවා ගැනීමට ශාන්ට ඕන උනත් මේ අවස්ථාවේ ඔලුවට කිසිම අදහසක් එන්නැති වන්නට වුනේ ශාන් බෝ කොයි වෙලේ මෙතනට පැමිනෙයිද කියා සිතන්නට වූ නිසයි..

Continue🌹🌹🌹🌹

👱‍♂️" යැන්සි ඔයාලා කොයි වෙලේද මෙහෙට ආවේ😒" ශාන් යැන්සිගෙන් ඇහුවේ අහක බලමින්..

👩" අපි පාන්දරම ආවේ බබා... කොහෙද ඉතින් ඔයාලාට මාවත් එක්කන් එන්න බැරි උනානේ.. පපාට කිව්වම පපා මට සේරම ඇරේන්ජ් කරලා දුන්නා.ඉතින් අපි උදෙන්ම ආවා..😀😀 ඇයි මට කිව්වේ නැත්තේ ඔයාලා කැම්පින් යනවා කියලා😒" යැන්සි ශාන්ගෙන් ඇහුවේ ඕනාවට එපාවට.මොකද ශාන් හා යැන්ලිගේ මේ දැන් දැක්ක හැසිරීම් වලින් යැන්සි තේරුම් ගත්තා යැන්සිව මේ ගමන සදහා අරන් යන්න එයාලට ඕනකමක් තිබුනේ නැති බව.. ටික දිනක සිට ශාන්ගේ හා ශාන්ගේ අම්මගෙත් අක්කගෙත් වෙනසක් දැක්කත් ඒ ගැන දිගින් දිගට යැන්සි හිතන්න ගියේ නැත්තේ යැන්සිට ශාන්ට වඩා ශාන්ගේ තියෙන මුදල් දේපල වුවමනා වූ බැවින් හැමදේම දරා ගෙන ශාන්ට ලං වෙලා ශාන්ව විවාහ කර ගැනීමට යැන්සිට අවශ්‍ය වූ නිසයි..

👱‍♂️" මේක මේ අපි හදිස්සියේ ප්ලෑන් කරපු ගමනක් නෙමෙයි යැන්සි කාටවත් කිව්වේ නෑ හිතුන ගමන් ආවා..ඒකයි නොකියා ආවේ.. ඔයාලා මෙහෙ අද දවස ඉන්නවද😒😒"

👩" ඔව් පපා සේරම ඇරේන්ජ් කරලා දුන්නේ දවස් 4ක් මෙහෙ ඉන්න පුලුවන් විදියට.. මෙහේ ගොඩක් දේවල් තියෙනවලු.. ඉතින් හොදට එන්ජෝයි කරලා යමු.. ඔයාලත් ඉන්නවනේ මේ දවස් ටික😄" ශාන් දෙස බලමින් යැන්සි කිව්වා..

මේ අතර යැන්සිට කවදත් අකමැති යැන්ලි චෙං හා ටිකක් ඔවුන් සිටි දෙසින් එහාට යන්නට වුනේ මේ අවස්ථාවේ බෝ මෙතනට ආවොත් මොනායින් මොනා වෙයිද කියා චෙං හා කතා කරමිනුයි..

👩" චෙං දැන් බෝ යැන්සිව දැක්කොත් මොනා කරයිද දන්නේ නෑ.. පොඩි දේටත් කේන්ති ගන්නවනේ. ඒ මදිවට යැන්සිව බෝට කොහොමත්ම පේන්න බෑ. මෙයාව යවා ගන්න විදියක් කල්පනා කරන්නකෝ..😒😒"

💐💐 The fateful love 💐💐Waar verhalen tot leven komen. Ontdek het nu