囧- දාහතරවන වෙඩිල්ල -囧

Começar do início
                                    

'' දෙකම එකයි.. '' දේවන්ත අසීරුවෙන් මුවට හිනාවක් නගාගනිමින් පැවසුවේ සිය හිතුවක්කාර දියණිය විසින් හිමාලිගේ විරෝධය ද නොතකමින් කොටට කපා තිබූ ඇයගේ කෙස් වැටිය අවුල් කරමිනි. ඇය එලෙස හිස අතගෑම ප්‍රිය කළ වග දේවන්ත දැන සිටියේ ය. තමා ජීවත්ව සිටීමට හේතුව , ඔහුගේ දියණිය විය.

'' අභිමෙව්නී.. '' දේවන්ත ඇමතුවේ ය. ඔහු එලෙස අමතන විට එහි වූ දැඩි ස්නේහයට අභිමෙව්නී සැබවින්ම ලෝබ විය.

'' ඒ චූටි බාප්පා ඔයාට තියපු නම දුව.. '' දේවන්තගේ මුහුණෙහි මද සිනහාවක් ඇදී තිබෙනු අභිමෙව්නීට පෙනෙයි .

'' චූටි බාප්පා ? මට ??? මට නම තිබ්බේ චූටි බාප්පා ද ? ඒත් මං ඉපදෙන කොට චූටි බාප්පා.... '' අභිමෙව්නී සිතට එන සෑම දේම පවසා ගෙන ගියා ය. ඉදින් ඒ අතින් නම් ඇය මෙවන්ම විය. තමා විනාශ කිරීමට පෙර සිටි සුරතල් මෙවන්ම විය. දේවන්තගේ දෑසෙහි කදුළු පිරුණි.

.
.
.
.

'' එකම එක දෙයක් ඉල්ලන්න පුළුවන් ද සර් ? '' මෙවන් අසරණ ලෙස ඇයැද සිටියේ ය.

'' කියන්න මෙවන්.. '' දේවන්ත මද වේලාවකින් පැවසුවේ මෙවන්ගේ කළු පැහැ දෑස් දෙස බලමිනි.

'' දුව... ඔයාගේ දුවට මං නම තියන්න ද ? '' මෙවන් අසරණ ලෙස විමසුවේ දේවන්තගේ හද පාරවමිනි.

'' මං තාම බැදලාවත් නැහැ මෙවන්.. '' දේවන්ත සමච්චලයෙන් සිනාවෙමින් පැවසුවේ ය. අවම වශයෙන් මෙවන් තමාට බැන වැදුණේ නම් ඔහුගේ සිතට මෙතරම් වේදනාවක් නොවනු ඇත.

'' කමක් නැහැ සර්..  ඔයා බදිනවා කියලා මට කියලා යන්නනේ ආවේ ... '' මෙවන් හැගීම්විරහිතව පවසනු දේවන්ත බලා සිටියේ ය. මෙවන්ගේ වදනක්වුවද තම හදවත පාරවන අයුරු මෙවන් කෙලෙසක වටහා ගන්න ද ?

'' අභිමෙව්නි...ඒක ලස්සනයි නේද ? '' මෙවන්ගේ දෑසෙහි දිලිසීමක් ඇදී යනු දේවන්ත දුටුවේ ය.

** මගේ දුවට නම දාන්න ඔයාට හිතක් නැද්ද ? ඔයාගේ හිත රිදෙන්නේ නැද්ද ? මෝඩයා.. ** දේවන්තට ගිගිරීමට ඇවැසි වුවද ඔහු නිහඩ විය.

'' ඔයා ඒකට කැමති නැත්තන් කමක් නැහැ.. '' දේවන්ත නිහඩ වූ තැන මෙවන් සෙමින් මිමිණුවේ ය.

o⊙ -අභිමෙවන් -⊙oOnde histórias criam vida. Descubra agora