囧- දාහතරවන වෙඩිල්ල -囧

Bắt đầu từ đầu
                                    

දැන් අැය දනියි. සිය පියා ඇයව වැළැක්වීමට නිවැරදිවම දනියි. අැය සෙනෙහසින් රටට යුධ විරුවෙකු වූ තම පියාගේ කම්මුල මත හාදුවක් තැබුවා ය. කුඩා කළම ඔහුගේ පහසින් වෙන්ව ඇතිදැඩි වීමෙන් පසු , ඔහුගේ කටු රැවුල ස්පර්ශවන කොපුල සිපගැනීමට ඇය දැක්වූයේ ඕනෑම දියණියකට වඩා ලෝබකමකි. දියණියකට පියෙකුගේ උණුසුම නම් මහමෙරකි . සැවොම ඉදිරියේ තමාට ශක්තිමත් වන අයුරු කියාදුන් තම පියාගේ අතීත කතාවෙහි මෙතරම් අදුරු පැතිකඩ ඇතැයි ඇය කිසිදු විටෙක නොසිතුවා ය.

'' එතකොට කවුද අප්පච්චි, වෙඩි තිබ්බේ ? '' ඇය සෙමින් විමසුවා ය. ඇයගේ පැනයෙන් තම පියා රිදවා නොගනු ඇතැයි ඇය දැඩිව බලාපොරොත්තු විය.

'' බ්‍රිගේඩියර් සර්... මං වෙනුවෙන් කණ්ඩායමක් එවලා තිබ්බා දුව.. '' දේවන්ත සෙමින් පිළිතුරු දුන්නේ සිය දියණියගේ හිස අතගාමිනි.

'' එතකොට චූටි බාප්පා ?? '' ඇය සෙමින් විමසුවා ය. ඇයගේ ස්වභාවය ඔහු මිස අන්කවරෙකු හොදින්ම දැන ගන්න ද ? ඇය සිතූ සිතූ දේ ඔහේ පවසයි. දේවන්තගේ මුවෙහි කුඩා සිනාවක් ඇදී ගියේ සිය හදවතට සියල්ල සමීප කළ ආදරණීය මනුශ්‍යා සිහිවීමෙනි.

'' චූටි බාප්පා මගේ අත් දෙක උඩම නැති වුනේ දුව.. '' තවමත් එය පැවසීමේදි දේවන්තගේ උගුර සිරවෙයි. සිය පියාගේ හඩෙහි වූ වෙනස ඇය හොදින්ම වටහා ගත්තා ය. කිසිවක් නොපවසා ඇය තමාගේ පියාගේ උරහිස මත සුවපහසු ලෙස හිස තබා ගත්තේ මද ඇසිල්ලක නිහඩතාවයක් ලබාගනිමිනි.

'' මට දුකයි අප්පච්චි... ඇයි එහෙම උනේ ? '' සිය දියණිය නහය ද බර කරගෙන විමසනු දේවන්තට මදහසක් නැංවූයේ ය. කුඩා කළ සුරතල් කිරීමට නොහැකි වූ තම දියණිය දේවන්ත සුරතල් කරන්නේ දැන් ය. ඇයගේ හුරතලෙයෙහි ද කිසිදු අඩුවක් නැත . අසම්පූර්ණ ජීවිත සම්පූර්ණ කරලීමට පිය- දූ දෙපළ දරන්නේ මහත් වෑයමකි .  දියතලාව වෙත විනෝදචාරිකාවක් ඔවුන් දෙදෙනා තනිව ඒමට තීරණය කළේ ද එබැවිනි.

'' චූටි බාප්පා පව්.. අප්පච්චි හරි නපුරුයිනේ අප්පා.. '' තම දියණිය පවසනු දේවන්ත අසා සිටියේ ය.

'' අපෝ..ඔයා හරි නපුරුයිනේ අය්යේ..... ''

මෙවන් පවසනු දේවන්තට බොදවූ මතක අතරින් මැවී පෙනුණි .

o⊙ -අභිමෙවන් -⊙oNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ