💔 එකොලොස්වෙනි කොටස 💔

1.1K 264 75
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

දඩුවම..

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                            වෙනස්වෙන ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස්වීම විතරයි.. අවුරුදු දොලහක්ම එකම මොහොතක නතරවෙලා හිටිය මාත්, පලවෙනිම වතාවට මගේ ජිවිතේ ඉස්සරහට පුංචි පුංචි අඩි තියන්න ගත්තා...

විශාක්‍ය මට ලං  උනේ ඇයි??
මම දැනන් හිටියේ නෑ..
මම ඒක එයාගෙන් ඇහුවෙත් නෑ...
ඉදහිට ඉරිදා දවසක මූදු වෙරලේ තනිවෙලා අපි කතා කරපු වචන දෙක තුන අස්සේ මම කලේ විශාක්‍යගේ හුස්ම ගැනපු එක.. එයා මාත් එක්ක කතා කරන එකම ඇති කියලා සැනසුනා මිසක වචන අස්සේ තිබ්බේ මොනවද කියලා මම හිතුවේ නෑ..

විශාක්‍යයි මමයි නාදුනන දෙන්නෙක් නෙවෙයි තවදුරටත්.. අපි යාළුවෝ නෙවෙයි.. මම එයාට හදවත පතුලින්ම ආදරය කරාට අපි අදටත් පෙම්වතුනුත් නෙවෙයි.. ඒත් නම කියන්න බැරි මොකද්දෝ බැදීමකින් ආඩම්බර අහංකාර විශාක්‍ය ධනුර් සිහිලැල්ගේ හදවතට බැදිලා හිටියා..

තවමත් විශාක්‍යට මං කැත කොල්ලෙක්.. හිත රිදෙන වචන අරහෙන් මෙහෙන් නොකිව්වම නෙවෙයි.. අයර්ෂා මැඩම් එක්ක එයාගෙ සබදකමේ අඩුවක් උනා නෙවෙයි.. මගේ ඇස් වල ඇදෙන වේදනාව බල බලම එයා මැඩම්ගේ රොස තොල් උඩ දගනොකලා නෙවෙයි.. හැබැයි එයා නිසාම මම අඩන හැම වාරෙකම මාව හොයන් ඇවිත් නලවන්න විශාක්‍ය මහන්සි උනා..

සිහිලැල් දෙව්රාධ, විශාක්‍යට ලංකරගන්නත් බැරි, අතාරින්නත් බැරි, නොරිද්දව ඉන්නත් බැරි, රිදුනම බලා ඉන්නත් බැරි, දන්නෙත් නැති ඒ වගේම නොදන්නෙත් නැති මනුස්ස පරාණයක් උනේ ඒ විදියට ..

"සිහිලැල් ... මගෙ ඔලුව රිදෙනවා.. "

අයර්ෂා මැඩම් නැති වීදුරු මාලිගාව ඇතුලෙන් ඇහුනේ පුංචි නාහෙන් ඇඩිල්ලක්.. ඉස්සර නුහුරුයි.. ඒත් දැන් හුරුයි... අතේ තිබුනු කුරුදු රස කරපු තේ එක මේස උඩින් තියලා මම ලෑස්ති උනේ මං ගාව හුරතල් වෙන පොඩි එකාට බෙහෙත් දෙන්න.. මතක් උනේ මාස කීපෙකට කලින්  විශාක්‍ය ධනූර් මට උණ විකාරයෙන් තුරුල් වුන හැටි.. එදායින් පස්සේ කවදාවත් ඒ පහස නොලැබුනත් මට හිතුනෙම,

කැතයිද මංWhere stories live. Discover now