囧- දහතුන්වන වෙඩිල්ල -囧

Start from the beginning
                                    

'' දේවන්ත.. මොනවා ද මේ කියන්නේ ? අපි මෙවන් දරුවාව බේරගන්න බලමු.. මෙහෙම නෙවේ.. '' කොයි මවත් තම දරුවාගේ විෂයෙහි ආර්ත්මාරථකාමී ය. ඉදින් දේවන්තගේ මව ද තම පුතණු කෙරේ වූ අසීමිත ප්‍රේමය ද එලෙස විය.

'' අම්මේ.. !!!!!!!!!!! මං ඉතිරි ජීවිත කාලේම මැරි මැරි ජීවත් වෙනවා දකින්න ඕන නැත්තන් මට දැන් යන්න දෙන්න.. ''  දේවන්ත එවර කෝපයෙන් කෑගැසුවේ ය. ඔහුගේ ගෙලෙහි හා දෑතෙහි නහර ද ඉලිප්පී තිබෙනු වියපත් යුවළට පෙනෙයි . ඔහුගේ දෙතොල ද වෙව්ලයි.. ඇසිල්ලක් ප්‍රමාද වන විට ඔහුට මෙවන්ගේ මුහුණ හා පණ්ඩිත කතා සියල්ල මැවී යයි .

* චටාස් * හඩින් සිය කම්මුල මත එල්ල වූ අතුල් පහර දේවන්ත පියවි සිහියට රැගෙන ආවේ ය. හිමාලිගේ මුහුණ කෝපයෙන් පිරී තිබුණි . වරදක් නැත. එය ඇගේ හිමිකම වග දේවන්ත සිතුවේ ය. ඔහුට කම්මුල් පහරෙහි කිසිදු වේදනාවක් නොදැනෙන තරමින් හදවත වේදනාවෙන් බරව ගොසිනි. මෙවන් .... දේවන්තට දැන් එයට වඩා දරුණූ වේදනාවක් නොමැති සෙයකි.

'' දේවන්ත.. ඔයා මහ නරුමයෙක්.. ''  හිමාලිගේ පැහැපත් මුහුණ කෝපයෙන් රතුව ගොසිනි. මව්පියන් ද සිටින තැන ඇයගේ හැසිරීම දේවන්තට පුදුමයක් ගෙන ආවා ද ඔහු නිහඩය . කෝපගැනීමට ඇයට සෑම අයිතියක්ම ඇත . නමුත් දැන් ඇයගේ කෝපය තමාව ප්‍රමාද කරවයි. !! හිමාලි හා තමාට විසදගැනීමට ඉඩ හැර මව්පියන් කුටියෙන් පිටතට යනු දේවන්ත බලා සිටියේ ය. ඔහුට තවත් ප්‍රමාද විය නොහැක. කිසිවෙකුත් ඔහුව වටහා නොගනියි . මෙවන්ව සිහිපත් වන මොහොතක් පාසා දෑත නොව සිරුරම වෙව්ලුම් කයි .

'' කොහොම ද දේවන්ත මෙච්චර හිතක් පපුවක් නෑ වගේ හැසිරෙන්නේ ? මට හිතාගන්න බෑ ඔයා ගැන... අර කොල්ලාට ආදරෙයි නේද ඔයත් ?  '' හිමාලි එවර හැඩුවේ දේවන්ත කම්පනය කරමිනි.

'' මං.. '' දේවන්ත ගැටගැසුවේ ය.

'' මේ ඔක්කොම ඔයාගේ වැරදි නිසා දේවන්ත.. '' හිමාලි තමාගේම කෙස් වැටියෙන් අදිමින් පැවසුවා ය. ඇයගේ ස්වභාවය තව තවත් දේවන්තව ව්‍යාකූල කරවයි . සියල්ල තමා නිසා වග දේවන්ත දනී,. නමුත් ඔහු එය නිවැරදි කරන ආකාරයක් නොදැන සිටියේ ය.

'' මට මේවා තේරෙන්නේ නෑ දේවන්ත.. ආා.. !!! මාත්... මාත්.. ආදරේ කළා ඔයාට.. නෑ මං තාම ආදරේ කරනවා... !! ඒත්, ඔයාගේ ඇස්වල තියන ඔය හිස් හැගීමට බං බයයි..  '' හිමාලි ඉකිගසමින් පැවසුවේ දේවන්තගේ මළගිය දෑස් දෙස බලමිනි. ඇයව සනසන ආකාරයක් දේවන්ත නොදනී, ඔහුට ඇවැසි වූයේ හැකි ඉක්මනින් මෙවන්ව ආරක්ෂිතව තම දෑත් අතරට ගෙන ඔහුගේ හිස සිය පතුල තෙක්ම නිම් නොවන ලෙස සිපගැනීම පමණි. ඔහු සිය අසරණ දෑස් හිමාලි වෙත යොමු කළේ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now