囧- දොළොස්වන වෙඩිල්ල -囧

Start from the beginning
                                    

සිමෙන්ති යෙදූ බොල් පොළොවෙහි ඇතිල්ලෙන රබර් බාටා සෙරෙප්පු හඩ මෙවන්ට ළග ළග ඇසෙයි. තෙන්නකෝන් ද නිශ්ශබ්ද වූයේ කවුරුන් හෝ බලාපොරොත්තුවෙනි . ඔවුන්ගේ ඉරණම කුමන දිශාවකට පාව යාවිදැයි බියනැළල විය. '' මැරෙනවා නම් මැරුනදෙන්.. '' බොතේජු මුමුණනු මෙවන්ට ඇසුණි. මර බිය මෙවන්ගේ සිත ද වෙළා ගත්ත ද ඔහුගේ මුහුණින් කිසිදු බියක් දිස් නොවී ය. බොතේජු ද මෙවන් සේම අවිවාහක වූ අතර පවුල් බරක් ද නොවී ය. මෙවන්ගේ සිත තම මව අසළය . පුහුණුවීම් ආ පසුව ඔහුට මව එකදු වරක් හමු නොවී ය.

'' තමුසේලා දමාගෙන කඹුරන ටිංකිරි රජයට තමුසෙලාගෙන් වැඩක් නැහැ වගේ.. '' ඇතුළට පැමිණ රැවුල වාවාගත් තරුණයෙකු පැවසුවේ දොර අසළම සිටි මෙවන්ගේ යටි බඩට පා පහරක් එල්ල කරමිනි. වමනය කිරීමට තරම් කිසිවක් මෙවන් ආහාරයට ගෙන නොතිබූ අතර ඔහු පරඩැල සේ ඇද වැටුණේ ය. දේවන්තගේ පහරදීම් හා සැසදීමේදී එය මෙවන්ට එතරම් දෙයක් නොවූ තරම් විය.

'' ඔය ධනවාදී යකඩ සපත්තුවලට පෑගිලා තමුසේලාගේ ජීවිත ගෙවලා දාන්න ලැජ්ජ නැත්ද ..පර බල්ලෝ... '' පෙරමුණේ තරුණයන් කිහිප දෙනෙක්ම යළිත් දරුණු ලෙස පහරදීම ඇරඹුවේ ය.

'' තූහ්. මිනීමරුවෝ... '' සිය ඉහළ නිළධාරියා තෙන්නකෝන් නිර්භීත අයුරින් පෙරමුණේ තරණයාගේ මුහුණට කෙළ ගසනු මෙවන් බලා සිටියේ ය. එපමණක් ප්‍රමාණවත් විය . ගොයම් කපන දෑකැත්ත තෙන්නකෝන්ගේ ගෙලෙහි තීව්‍ර කැපුමක් ඇති කරනු මෙවන් හා බොතේජු දැඩි කම්පනයෙන් බලා සිටියේ ය. උණුසුම් රුධිර දහරා වැගිරයද්දී , පෙරමුණේ තරුණයා සතුවූ දෑකැත්ත තෙන්නකෝන්ගේ සිරුර පුරා වියරුවෙන් කැපුම් තුවාල ඇති කළේ , මුළු කාමරයම රුධිරයෙන් තෙත් කරමිනි. එතැනින් ද නොනැවතුණූ පෙරමුණු තරුණයන් තෙන්නකෝන්ගේ කවන්ධයෙහි ඇස් ද උගුලා දැමුවේ ය. ප්‍රථම වතාවට දරුණු ඝනයේ මරණයක් පිළිබදව මෙවන්ගේ සිත අවිනිශ්චිත විය.

'' මුගේ ඔළුව හෙට වෙද්දි යවපන් අරූ ඉන්න කෑම්ප් එකට... ඇග ගගට දාපන්.... ලයනල් සහෝදරයා මරපු උන් එකෙක් තියන්න හොද නැහැ.. '' අළු පැහැති කමිසයකින් සැරසී සිටි පෙරමුණු තරුණයා වෛරයෙන් දත්මිටි කමින් පැවසුවේ තෙන්නකෝන්ගේ නිසල කවන්ධයට පා පහරක් ද එල්ල කරමිනි. ඔහුගේ මීළග බැල්ම තමා දෙසට එල්ල වෙද්දී මෙවන්ගේ උගුරම සිරව ගියේ ය. තෙන්නකෝන් මරාදැමූ කැත්තේ තවමත් රුධිරය බේරී යමින් තිබෙනු මෙවන් දුටුවේ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now