පීඩී නිම් කිව්ව විදියට අපි හෙමීට වැඩ පටන් ගත්තා..නටන එක මට ගොඩක් අමාරු උනත් හෝසොක් විටමින් එක වගේ අපි දෙන්නගෙ ඩාන්සින් හැදුවා..ඔය අතර තුරේ හනී නූනත් නිතර නිතර ඇවිත් අපිත් එක්ක කතා කරල අපේ හිත් නිදහසේ තියා ගන්න උදව් උනා..

රෙක්ස් මට ආයෙම කෝල් කරල කිව්වෙ ඇලෙක්ස් අවුරුදු දහයකට හිරේ ගියා කියල..එතකොට දොන්ජො ඇලෙක්ස් ගෙ ක්ලබ් එක උගෙ නමට හරවගෙනලු..ජුන්ජු ඇමතිගෙත් ඇමති කම අහෝසි කරලලු.ඌ කොරියාවෙන් යන්නම ගිහින්..රෙක්ස් ආයෙ ආයෙත් මට කිව්වෙ ගෙදර යන්න කියල..ආයෙත් කරදරේ වැටෙන්න එපා කියල..මගෙ ගාව තිබ්බ සල්ලි වලින් මං සල්ලි ටිකක් රෙක්ස් ට යැව්වා..උගෙත් ජොබ් එක නැති වෙලා…

ඊලග සතියෙ අපිට තවත් කොල්ලො දෙන්නෙක් එකතු උනා..ජින් , ජන්ගුක්..විශේශම දේ ජන්ගුක් තාම අවුරුදු දාහතරක පොඩි කොල්ලෙක්..ජින් හයොන්ග් නම් මට වඩා අවුරුද්දක් වැඩිමල්..තවත් දවස් තුනකින් ඩේගු වලම ලස්සන කොල්ලෙක් අපිත් එක්ක එකතු උනා..ටේහ්‍යොන්ග්..රැප් වලට කියල ආවත් කොල්ල රෑ කරද්දි නම්ජුන්ට එකසිය ගානට තරහ යනවා..ටීම් එකට අන්තිමට එකතු වුනේ ජිමින්..පුදුම නැටිල්ලක් තියෙන කොට කොල්ලෙක්.. අර අපායෙන් ගැලවිලා ඇවිත් මාසයක් කොට්ටු වෙද්දි මට හරි අපූරු සහෝදරයො හය දෙනෙක් හම්බුනා..ඒ වගේම හනී නූනා නිතරම මං ගැන හොයල බැලුවෙ එයාගෙම සහෝදරයෙක් ට වගේ..ඒත් නූනා ගැන ඊට වඩා එහා ගිය හැගීමක් මගෙ හිතේ හිරවෙලා තිබ්බා..

ගයිස් ඔන්න දැන් අපි වැඩට බහින්න යන්නෙ..

අපි හත් දෙනාට මීටින් රූම් එකට එන්න කියල පීඩි නිම් කිව්වා..

අනිද්දට ඔයාලට ට්‍රේනින් පටන් ගන්නවා..ඒත් පොඩි ප්‍රශ්නයක්..

අපි හැමෝම එක පාර පීඩි නිම් දිහා බැලුවෙ කොසි දෙයක් හිතාගන්න බැරුව..

ඔයාලට අවුරුදු තුනකට රට යන්න වෙනවා..හිපොප් ට්‍රේනින් එකකට..

රට යන්න..ඒත් හදිස්සියෙම..

හදිස්සියෙම නෙවේ නම්ජුන්..මං මේක ප්ලෑන් කරේ ගොඩක් කල් ඉදල..ඔයාලට කිව්වෙ වැඩේස්තීර උනාට පස්සෙ..

අපි හැමෝම ඒකට කැමති උනා..මොනා උනත් මේ ෆීල්ඩ් එකේ තව ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා..අවුරුදු තුනකට ඇමරිකාවෙ හිපොප් ස්කූල් එකක ඉගෙන ගෙන ඔක්කොම සම්පූර්න උනාම මෙහෙ ඇවිත් ඩෙබියුට් වෙන්නයි පීඩි නිම් ප්ලෑන් කරල තිබ්බෙ..එයා ඒකට ලොකු ගානකුත් යට කරල තිබ්බා...අපි වේලාස්සන ගෙදරට ආවෙ අනිද්දා යන ගමනට බඩු ගන්න යන්න වගේම අනික් අය ගෙවල් වලට කතා කරන්න..කතා කරපු හැමෝම එයාලගෙ දෙමාපියො එයාලව බලන්න එනව කිව්වා..

මටත් ඔම්මට කතා කරන්න පුලුවන් උනා නම්..එයාලගෙ පුතා හීනෙට යන පලවෙනි අඩිය තිබ්බා කියල කියන්න පුලුවන් උනා නම්..කල්පනා කර කර ඉන්නකොට හනී නූනගෙන් කෝල් එකක් ආවා..

යුන්ගියා…

දේ නූනා

අනිද්දට යනව කියල නිකන් වත් කියන්න එපා..

අනේ නූනා..මේ ආවා විතරයි..මං නූනට කෝල් කරන්න හිටියෙ..

අහ් අනේයනවා යන්න...මේ අද රෑට අපේ ගෙදර එන්න පුලුවන්ද…

මං එන්නම් නූනා..ඒත් හදිස්සියක් ද..

නෑ නෑ ලමයො...ඇවිත් යන්නකො..

කෝල් එක කට්කරල මං නම්ජුන් ට එහෙයන්න ලෑස්ති වෙන්න කිව්වෙ කෙල්ලෙක් ඉන්න ගෙදරට තනියෙන් යන එක හොද නැති නිසා..

ශෙහා 💜️

CYPHER (Completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ