"නුනා මං අදුරන කෙනෙක්..මං පස්සෙ නූනව මීට් වෙන්නම්කො...මං යන්නම් හොදෙ.."

හනී නූනා පුදුමෙන් බලන් ඉද්දි එයා මුකුත් කියන්න කලින් බොඩිගාඩ් එක්ක මං වාහනේට ආවා..මං එනකොටත් ජුන්ජු කෝල් එකක්..මං ඇවිත් වාහනේට නගිද්දි කෝල් එක කට් කරල මගෙ දිහා බැලුවා..

"කාත් එක්කද කොල්ලො පාක් ආවෙ...කවුද ඒ කෙල්ල.."

"ආහ් සර් ඒ මං අදුරන නූනා කෙනෙක්..අහම්බෙන් හම්බුනේ.."

ජුන්ජු ඊලගට කලේ එහෙම්මම මාව ඇදල අරන් කිස් කරන්න පටන් ගත්තු එක..ප්‍රතිචාර නොදැක්වුවත් මං ඒ විදියටම උන්නා.ටික වෙලාවකින් වාහනේ ජුන්ජුගෙ රෙස්ට් හවුස් එකට ආවා..

"සර්..ක්ලබ් එකට නෙවේද යන්නෙ"

"නෑ කොල්ලො..අද මෙහෙ ඉදන් එන්ජෝයි කරමු හරිද..පූල් එකේ..ම්ම්හ්.."

ජුන්ජු මගෙ තොල් අල්ලගෙනම කියල රෙස්ට් හවුස් එක ඇතුලට ආවා..ඒක ලක්ශරි හොටෙල් එකක් වගේ..එදා රෑ ජුන්ජු එක්ක ආයෙත් මං අකමැතිම දේවල් කරන්න සිද්ධ උනේ මනසින් වගේම ශරීරයෙනුත් ලොකු වේදනාවක් එක්ක..ජුන්ජුගෙ උස මහත ඇග එක්ක පොර බදන එක මට ගොඩක් අමාරුදෙයක්..හනී නූනා කිව්වා වගේ මං කෙට්ටු ත් උනේ ඒ නිසා වෙන්න ඇති..

පහුවදා ජුන්ජු මාව එයාගෙ වාහනේක දාලා අපාට්මන්ට් එකට යැව්වා..බොඩි ගාඩ් කිව්වෙ ජුන්ජු සතියකට මලේශියා යන්න පිටත් උනා කියල..අම්මෝ ඇති යාන්තන්..මං අපාර්ට්මන්ට් එකට එනකොට ඇතුලෙන් ගොඩක් හයියෙන් සද්දෙයක් ඇහුනා..දොන්ජො හයියෙන් හයිය්න් කෑ ගහනවා..රෙක්ස් ගෙ සද්දෙත් අතරින් පරත ඇහෙනවා..මං හෙමීට දොර ඇරන් ඇතුලටගියා විතරයි මාව දැකපු දොන්ජො මගෙ කොලර් එකෙන් අල්ල ගත්තා..

"මොකද්ද යකෝ උබ මේ කරේ..බල්ලා"

දොන්ජො එක පාරටම මගෙ මූනට ගහද්දි මාව විසිවෙලා ගිහින් සෝෆා එකේ ඔලුව වැදුනා..රෙක්ස් දුවන් ඇවිත් මාව අල්ල ගත්තෙ දොන්ජො ආයෙත් ගහන්න එද්දි..

"දොන්ජො නවත්තපන් මිනිහො..උබට පිස්සු ද..'

"අතඇරපන් මාව..මූ තමා ඔක්කොම කරේ..අද මං මූව මරනවා.."

දොන්ජො ආයෙත් මට ගහන්න පනිද්දි මං දින්ජොව අල්ලල තල්ලු කරල කෑ ගැහුවා..

"මොකද්ද යකෝ මං උබට කරේ..උබනෙ මගෙ ජීවිතේම විනාස කරේ..තෝයි බල්ලා මං නෙවේ.."

"මොකද්ද උබ කිව්වෙ.."

දොන්ජො නැගිටල මගෙ දිහාට දුවන් එද්දි  රෙක්ස් මාව කවර් කරල හිටගත්තා..

"දොන්ජො අපි දන්නෙ නෑනෙ යුන්ගිද මේක කරේ කියල..පොඩ්ඩක් කලබල නොවී ඉදපන්.."

"අනේ නිකන් පලයන් රෙක්ස්..මූ තමා එතන උන්නු උන්ගෙන් අකමැත්තෙන් වැඩ කරපු එකා..මූටයු ඕන උනේ මෙතනින් පනින්න.."

"මට තේරෙන විදියට කියනවද මෙතන මොකද්ද උනේ කියල.."

බැරිම තැන මං කෑ ගැහුවා..රෙක්ස් මාවත් ඇදගෙන කාමරේට ඇවිත් දොර වහද්දි දොන්ජො බැන බැනම ගෙදරින් එලියට ගියා..

"යුන්ගියා ඇත්තටම උබද කොල්ලො ඒක කරේ.."

"මොකක් ගැනද බන් මේ කියන්නෙ..මට මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ.."

රෙක්ස් බර හුස්මක් අරන් ඇදෙන් වාඩි උනා..මාත් වාඩි උනේ උන දේ දැනගන්න..

"යුන්ගියා ඊයෙ රෑ ක්ලබ් එක්ට පොලිස්සියෙන් පැනල..කස්ටමර්ස් ලා අපේ කොල්ලො ඔක්කොම එකට ඉද්දි ඇරෙස්ට් කරල..ඇලෙක්ස් වත් ඇරෙස්ට් කරල ක්ලබ් එක මුවාවෙන් ගනිකා මඩමක් කරනවා කියල..දොන්ජො කොහොම හරි රෑ පැනගෙන..උබ ඊයෙ ක්ලබ් එකට ආව නැති නිසා ඌ හිතන්නෙ උබ පොලිස්සියට ඔත්තුවක් දුන්න කියල.."

"පිස්සුද බන්..මං ඊයෙ උන්නෙ ජුන්ජු ඇමති එක්ක උගෙ රෙස්ට් හවුස් එකේ.."

රෙස්ක් ඔලුවෙ අත ගහ ගත්තා..

"හොද වෙලාලවට බන්..නැත්තන් උබත් කූඩුවෙ..කොල්ලො දෑ ඔක්කොම පත්තු වෙන්න කලින් මෙහෙන් යමන්..බැරි වෙලාවත් ඇලෙක්ස් කාරයා උබලවත් කිව්වොත්…"

"එතකොට අර වීඩියෝ එක උන් ගාවෙනෙ.."

"ඒ ගැන බයවෙන්න එපා..දොන්ජො ෆෝන් ඔක්කොම පිච්චුවා බන්..උබට යන්න තැනක් නෑ කියල මං දන්නවා කොල්ලො..ඒත් මෙහෙ ඉන්න එක රිස්ක් එකක්..ගෙදර පලයන්"

රෙක්ස් ඒ ටික කියල නැගිටල ගියෙ මාව තවත් ප්‍රශ්නෙක හිර කරල...මං කොහෙද යන්නෙ...ඒ එක්කම මට මතක් උනේ නම්ජුන්ව..

ශෙහා 💜️

CYPHER (Completed)Where stories live. Discover now