囧- හයවන වෙඩිල්ල -囧

Start from the beginning
                                    

'' මූ නම් මහ පිස්සෙක් !!! ඒක හරි.. උබ ලස්සනයි ඇදුම් නැතුව.. ඒක ඕන කෙනෙක්ගේ තියන ලස්සනක් මෝඩ මිනිහෝ... උබව ගෙන්න ගත්තේ මට උබේ ඇග මිසක් උබව ඕන උන නිසා නෙවේ බල්ලෝ.. අනික මෙහේ නිදිවැදුනු එකම එකා උබද ? මෝඩ කතා කියන්න එපා මෙවන්.. ඕන තරම් කොල්ලෝ අතර වෙන්නේ මේවා.. කරකාර බන්දලා කැන්දන් යන්න මේවා කරනවා කියලා හිතපු තමුසෙටයි ඔල්මාදේ.. විකාර කියවනවා මෙතන.. ''

දේවන්තගේ වියුරු වදන් තවත් නම් මෙවන්ගේ සිතට දරනු නොහැකි විය. ඒ සියල්ල එසේ වග පැවසුවද , හදවත කෑලි සිය ගණනකට බිදී ගියද දේවන්ත කෙරේ සිය සිත තුළ වූ හැගීම් සියල්ල අගලකුදු නොසෙල්වුණු වග කෙසේ පවසන්න ද ? ගතවන හැම තත්පරයක් පාසාම , ඒ හැම රුදුරු වදනක් පාසාම තමා තව තවත් දේවන්තට බැදෙන වග කෙලෙස පවසන්න දැයි මෙවන් නොදත්තේ ය. පපුව පුරා පැතිර ගිය වේදනාව කෙතරම් තරවටු කළද මෙවන්ගේ අකීකරු සිත නම් කිසිවකට ඇහුම්කන් නුදුන්නේ ය. ඔහුගේ දෑසින් කදුළකුදු නොනික්මුණි.

'' ආදරේ ? උබට පිස්සුද බං ? යමං දොස්තර කෙනෙක් හම්බුවෙන්න..'' දේවන්තගේ කෝපය වෙනුවට දැන් ඇත්තේ උපහාසාත්මක ස්වරයකි. ඔහුගේ සිනහාවද ඒ සමාන ලෙස උපහාසාත්මක විය. ඉවසුම් නොදෙන වේදනා හා උපහාස මැද මෙවන් තවමත් පපුවද මිරිකාගෙන නිහඩව වේදනාව පිට කිරීමට මං සොයමින් සිටින්නේ ය. ඔහු භයානක ලෙස වෙව්ලුවේ ය. ඇගම කිටි කිටියේ ගැහෙද්දී මෙවන් භයානක ලෙස වෙව්ලුවේ ය.

නැවත යා හැකි දුරක කදවුරු බිම නොවී ය. ඇරැත් මධ්‍යම රාත්‍රියේ ගමන ද පහසු නොවී ය. උගුල් අටවා ඇත්තේ කොහිදැයි දේවන්ත වෙතද නිශ්චිත නොවී ය. මෙවන් සැලකිය යුතු දුරක් කදවුරු භූමියෙන් පිටතට පැමිණ තිබුණේ ය.

'' අහන්න මෙවන්... '' අවසානයේ දේවන්ත මදක් අනුකම්පාවෙන් මෙවන් අසළින් නැවතත් වාඩි වුණේ ය.

'' ඔයා ආස නැද්ද ? ඔයා ආස නැද්ද දුවෙක්ට ? ලස්සන බිරිදක්.. ? '' දේවන්ත ගැඹුරු හඩින් විමසුවේ ය. කෙසේ පහදනන් ද දේවන්තහට පපුව යට රස්නෙට ගැහෙන්නේ ඔහු වෙනුවෙන් බව... ?

'' අහන්න මෙවන්.. ඔයාට පොඩියි තාම... ඔයාට මේ දේවල්වල බරක් ගැඹුරක් තේරෙන්නේ නැහැ.. ඒක නිසා මෝඩයෙක් නොවී හිටහන් '' දේවන්ත රළුව සිය අවසන් තීරණය ලබා දුන්නේ ය. එවර නම් මෙවන් සිය හිස ස්ථිරව එසවූයේ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now