囧- හයවන වෙඩිල්ල -囧

Start from the beginning
                                    

'' කොල්ලෝ..මේක ආමි එක.. උබව දන්නවා , මම උබේ ඥාති කියලා උබට විශේෂයක් කරන්න බැහැ මට... '' මෙවන් පැවසූ දෙයහි අරුත වටහා නොගත් දේවන්ත ඔහේ පැවසුවේ ය.

'' නැහැ සර්.. ඒහෙම නෙවේ... වෙනස් විදියකට.. .. '' මෙවන් පැහැදිලි කිරීමට උත්සහ කළේ ය.

'' වෙනස් ? මොන ? හිටහන් පොඩ්ඩක් ! මොනවාද මේ උබ දොඩවන්න් !!!!!!!!!? '' දේවන්ත ඉද්ද ගැසුවෙකු සේ විමසුවේ ඍජුව අසුන්ගනිමිනි..

''මම ගොඩක් හිතුවා... මම නවත්තන්න උත්සහ කළා අය්යේ.. මම ඇත්තමයි කියන්නේ.... . ඒක මගේ පාලනයේ නෙවේ තියෙන්නේ.. මම පිස්සෙක් වෙයි සර්.. මට ඔයාව ඕන.. මට ඔයාව හැමදාටම මගේ ළගින් තියාගන්න ඕන.. ඒක බලාපොරොත්තුවක් විතරයි සර් ඒත් මට ඒ බලාපොරොත්තුවත් මහ මෙරක් වගේ ලොකුයි... මට හැමදාම ඔයාගේ අත් දෙක අතරේ ඉදන් අැහැරෙන්න ඕන... මම ආසයි ඔයා මම දිහා විතරක් බලනවා නම්...මම ආසයි ඔයා මට ලස්සනයි කියනවාට... මගේ ඔළුව අතගානවා නම්.. මට මෙවන් කියලා කතා කරනවා නම්... මේ බඩෙන් දරුවෙක් ඇර පුළුවන් ඔයාට ඕන හැමදේම දෙන්න මට පුළුවන් අය්යේ...මම ඔයාට.. ආ.... '' මෙවන් සම්පූර්ණ කිරීමටත් ප්‍රථම දේවන්තගේ අනුකම්පා විරහිත අතුල් පහර ඔහුගේ කම්මුල පුපුරු ගසමින් වැදුණේ ය.

'' තමුසේ පිස්සෙක්නේ අයිසේ.. මොනවාද මේ කියවන විකාර ? '' දේවන්තගේ රෞද්‍ර දෑස් අඩ අදුරේම වුවද රක්ත පැහැයෙන් දිලිසුණේ ය. මෙවන් නිරුත්තරය . ඔහු එවැනි දරුණු ඝනයේ ප්‍රතික්ෂේප කිරීමක් බලාපොරොත්තු නොවුණේ ය.

'' අය්-යේ ? '' මෙවන් කම්මුලත් අල්ලාගෙන ගොත ගැසුවේ ය. කම්මුල නොව පුපුරු ගසමින් රිදුම් දෙන්නේ හදවත වග ඔහුට කෑගසා හඩා පැවසීමට ඇවැසි විය. ඔහු දෑතින්ම පපුව මිරිකා ගත්තේ ඉන් දැනෙන වේදනාව ඉවසාගත නොහැකි තැනය.

'' මොනවාද අයිසේ මෙවන් මේ විකාර කියවන්නේ ? උබට පිස්සුද !! දවස් දෙකක් තුනක් උබ එක්ක බුදියගත්තා කියලා උබ මෙහෙ ළමයි හදලාත් ඉවරයි!!!! '' දේවන්තගේ වදන්වල අනුකම්පාව තැවරී නොතිබුණි.

'' ඔ-යා කිව්වානේ -ම-ම ලස්-සනයි කියලා.. ඔයා ගාවට එ-න්න කීවා.. '' මෙවන්ට පැවසීමට අන්කිසිවක් සිහිපත් නොවී ය. දැඩි ලෙස අසරණ හැගීමක් හිතම වෙළාගෙන ගියේ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now