囧- හයවන වෙඩිල්ල -囧

Start from the beginning
                                    

'' මට සමාවෙන්න.. '' දේවන්ත අවසානයේ තමා සිය දිවියේ කිසිදු විටෙක පැවසීමට අපේක්ෂා නොකළ වදනක් පැවසුවේ ය. ඔහුට එය මෙවන්ගේ දෑස් දෙස බලා පැවසීමට තරම් හෝ දිරියක් නොවී ය.

'' මොකටද සර්? '' මෙවන්ගේ වදන් විෂකටු සේ දේවන්තගේ හදවත තව තවත් පාරවයි.

'' මම .... මං... උබව විනාස කළා.. '' දේවන්ත අවසානයේ මහත් පරිශ්‍රමයක් දරා පවසාගත්තේ ය. ඔහු සැබවින්ම මෙවන් විනාස කර දැම්මේ ය. මානසිකව පමණක් නොව ශාරීරිකව ද මෙවන්ව මදින් මද විනාශ කර දැමුවේ ය.හමුදා නිළධාරියෙකු කිසිදු විටෙක හැගීම් අතින් දුර්වල නොවිය යුතු විය. කෙලෙසකවත් තම කනිෂ්ඨයා ඉදියේ නොහැඩිය යුතුය. දෑසට කදුළු පිරෙද්දී දේවන්ත තමාටම වාරණ නිකුත් කළේ ය.

'' ඒකට කමක් නැහැ සර් '' මෙවන් සන්සුන්ව පවසා නැවත අහස දෙස දෑස් යොමු කළේ ය. ඔහුට එය එලෙස සන්සුන්ව පැවසිය නොහැකිය. අවම වශයෙන් මෙවන් තමාට බැන වදිනු ඇතැයි හෝ දේවන්ත අපේක්ෂා කළේ ය. ඔහුගේ සන්සුන් හැසිරීම දේවන්ත වෙත තදබල පහරක් විය.

ඔහුට මෙකී නිශ්ශබ්දතාවය කෙතරම් හුරු වුව ද , මෙවන් අසළදී පෙර එලෙස නොවී ය. නිශ්ශබ්දකාරී සිය දිවියෙහි එකම ඝෝෂාව රැගෙන ආවේ මෙවන් විය. නමුත් දැන් මෙවන් ද නිහඩය. දේවන්ත පිටතින් කෙතරම් දැඩි වුවද මෙකී නිශ්ශබ්දතාවය ඔහුට දැන් වහකදුරු සේ විය.

'' මොනවාහරි කියපන් මෙවන්.. '' දේවන්ත බැරිම තැන පැවසුවේ ය.

'' මොනවා ගැන ද සර් ? '' මෙවන් සන්සුන්ව විමසුවේ ය.

'' මොනවාමහරි කියපන් කොල්ලෝ මාව පිස්සෙක් නොකර.. '' දේවන්ත සිය වෙව්ලන දෑතින්ම මුහුණ වසාගෙන සිය නළල මත වැටී තිබූ කෙස් දෑගිලි අතරට ගෙන ඇද පිටුපසට කළේ පීඩනයෙනි. නිහඩතාව මෙතරම් පීඩනයක් වග ඔහු කලින් සිතා නොතිබුනේ ය.

'' සර්,....... '' මෙවන් පවසා මද විරාමක් ගත්තේ ය.

'' සර් උලව්වක් කියන්නේ නැතුව , මොනවාහරි කියන්න මෙවන්... '' දේවන්ත නැවතත් කෝපගනිමින් පැවසුවේ ය.

'' මට ඔයාව විශේෂයි.. '' මෙවන් හොද හුස්මක් ගෙන පැවසුවේ දේවන්ත වෙතට හැරෙමිනි. තමා පැවසූවෙහි වගකීම තමා මීළගට දරාගන්නා ආකාරය පිළිබද ආකාරයන් රැසක් මෙවන්ගේ සිතිවිලිවල විය. නමුත් ඔහු අවස්ථාවක් ලබා දිය යුතුම විය. දේවන්ත කෝපාන්විත ඇතැයි මෙවන් අපේක්ෂා කළද ඔහුගේ මුහුණෙහි කිසිදු වෙනසක් දක්නට නොවී ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now