ඒත් එයා එක පාරටම සැටී එකෙන් නැගිටලා එතන තිබ්බ ඇඳුමයි ටවල් එකයි අතට අරගෙන bathroom එකට ගියේ මන් දිහා එක ඇහැකින්වත් නොබලා.

Bobo ට තවත් වදයක් වෙන්න නොහිතපු මම මගෙත් ඇඳුම් ටික අරගෙන ටක් ගාලා පහළ තිබ්බ bathroom එකට ගියා.

Zhan's Pov End.

----------------------
----------------------

Yibo's Pov

මම එකා පාරටම බය වේලා නැගිටුනේ මම දැක්ක හීනෙත් එක්ක.
ඒ zhan...
ඒ හීනේ හිටියේ zhan.එයා මැරුනා...නෑ...ඒක උනේ මගේ වැරැද්දෙන්...මට බැරි උනා zhan ව බේරගන්න.
මම හීනෙන් නැගිට්ටේ මේක ඇත්තක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.
මම නැගිට්ට ගමන්ම වටපිට බැලුවේ zhan ඉන්නවද කියලා.
ඔව් ඒක ඇත්තක් නෙවෙයි.
Zhan ඇඳ උඩ කකුල් දෙකත් තමන්ට තුරුලු කරගෙන මම දිහා බලාගෙන හිටියා.
මට ඒකෙන් ලොකු සැනසීමක් දැනුනත් ඒ සැනසීම නැතිවෙන්න එච්චර වේලාවක් ගියේ නෑ
ඒ ඇස් වල කඳුලු තිබ්බා.
ඒ කඳුලු දැක්කම මට ලොකු වේදනාවක් දැනුනේ හරියට කවුරු හරි මට කිනිස්සකින් අනිනවා වගේ.

නෑ එයා මට තවත් එක මනුස්සයෙක් විතරයි.
එයා Mr.Xiao ගේ පුතා විතරයි.
එයා Xiao ව්‍යාපාර සමූහයේ අනාගත CEO විතරයි.
Zhan කියන්නේ එච්චරයි.
එයාට මගේ ජීවීතේ ලොකු තැනක් නෑ.

මම එහෙමම අතට අහු වෙච්ච ඇඳුමකුයි ටවල් එකයි අරගෙන zhan දිහාවත් නොබලා bathroom එකට ගියේ zhan මට වටින කෙනෙක් නෙවෙයි කියලා zhan ටත් දැනෙන්න දීලා.

තාමත් shower එක යට ඉදන් ඒ shower එකෙන් වැටෙන සීතල වතුර වලට මැදි වේලා මම කල්පනා කරන්නේ මම කරන වැඩේ හරිද කියලා.

Yibo's Pov End

--------------------
--------------------

හැමෝම කෑම මේසෙට රැස් වේලා හිටියේ උදේ කෑම එක ගන්න.
Yibo ටක් ගාලා wash එකක් දාගෙන මේ වෙනකොටත් කෑම මේසේ ලඟට ඇවිල්ලා තිබ්බත් zhan තාමත් එතන නොහිටපු නිසා කවුරුත් කන්න පටන් ගෙන තිබ්බේ නෑ.

ටිකක් වේලා යනකොට zhan එතනට ආවේ හැමෝටම මඳ හිනාවක් දාන ගමන්.

Destined to be Loveजहाँ कहानियाँ रहती हैं। अभी खोजें