තවත් මොන මොනවද
ජෙල් පැකට් දෙකක්
බෙල්ට් එකක්
සැන්ඩ්ල්ස් දෙකත් හෙන අලුත් පොශ් පාටයි
බර වියදමක් යන්න ඇති
කලු පාට නිල් පාට ඉ රි තියෙන කවරෙක ලස්ස්න රිබන් මලක් උඩින් ගැට ගහලා පොඩි තෑග්ගක් පැක් කරලා
මේක ගැලෙවුවොත් ආයේ මේ වගේ ලස්සනට පැක් කරගන්න බැරි වෙයි
පේන විදියට සෙන්ඩ් බෝතලේකුයි තව මොන මොනව හරි තියෙන්නේ
මේක කඩලා චාටර් කරගන්න හොද නෑ....මේ විදියට ලස්ස්නටම ගෙනියනවා
මේ වගේ යාලුවො ලබන්න පින්කරලා විතර මදි පෙරුම් පුරන්නත් ඕනා

දවස ඒතරම් නරක උනේ නෑ
අන්තිමේදි මම හින්නා දීපු බෑග් එකත් අරන් අම්මා ගේ චරබරෙන් බේරිලා ගෙදරින් පැනගත්තා
කලපුව කිට්ටුව පරන පාරේ කඩොලාන ගොල්ලකට මුවා වෙලා ඇදුම් මාරු කරගත්තා
කොන්ඩේ හදාගත්තා
දැන් කොල්ලා නිකන් සත්‍යප්‍රේම බුන්ගරාජයා වගේ
සූකිරිට කෝල් එකක් දීලා එන්න ඕනිතැන අහගත්තා
සුටුස් ගාලා එතැනට යනකොට සූකිරි ඇවිත්
මට සූකිරිව රෑ හදපානේ කලපුවේ වතුරත් එක්ක රිදී පාට පෙනුනේ
කැලේ මැදින් ආපු දිව්‍ය කුමාරයෙක් වගේ
"අම්මෝ කොල්ලගේ ලස්සන...අද තමයි ඔයා ලස්සනටම ඇදලා ආපු දවස" මාව දැකපු ගමන් සූකිරි ලගට ඇවිත් කියුවා.

"මෙහෙමයි ...දැන් මෙතැන පොඩි සර්ප්‍රයිස් එකක් තියෙන්වා....මම ඔයාව මගේ බයික්කෙන් එක්කන් යනවා තැනකට...හැබයි ඇස් දෙක බැදලා....අවුලක් නෑනේ"
"යකෝ...උබ මාව ඇස් බැදන් ගෙනිහින් කලපුවේ ගිල්ලන්නද හදන්නේ"
"හරි...හරි මාව විශ්වාස නැත්තන් ඔයා...යන්නකෝ....ඕනි නෑ සර්ප්‍රයිස් වත් පාටි වත්...."
"ම්ම්ම්ම්....මෙන්න මෙයාට තරහ ගිහින්...මැට්ටෝ මම මගේ යාලුවො ඔක්කොටම වඩා උබව විස්වාස කරනවා...ඒකනේ දාහක් බාදක තිබුනත් පැනල ආවේ..උබව මුනගැහෙන්න"
සූකිරි එයාගෙ දිග සීතල ඇගිලිවලින් අලුත්ම තුවායකින් මගේ ඇස් දෙක බැදලා එක්ක යනවා
කලුවරේ මට කිසිම දෙයක් පේන්නේ නෑ....සූකිරියගේ බයිසිකල් සද්දෙයි හති දාන සද්දෙයි විතරයි ඇහුනේ
"ඒයි....තව දුරද ඕයි"
"ඉවසන් ඉන්න ඉතින් තව ටිකදුරක් විතරයි තියෙන්නේ"
බයිසිකලේ කදු මුදුනක නවත්තලා අපි ගැබුරු බෑවුමක් බහින්න උනා
ගලෙ ගලට අඩිතිය තිය පටු පාරෙ ඇස් බදගෙන යන එක ලේසි උනේ නෑ
මුහුදෙ රලගෙඩි දුවගෙන ඇවිත් ගල් තලවක් වැදිලා පිපිරිලා යන සද්දේ ත් එක්ක ලුනු මිශ්‍ර සුලගෙ රස මට දැනුනා
ගල් සහ බිම් තබරු ගොල්ල් ඉවරවෙනකොට පටි සප්ත්තු අස්සට තෙත වැලි ඉහෙන්වා දැනෙන්වා
ම්ම්ම්ම්ම්.....ඕන්න හරි....දැන් ඇස් ඇරලා බලන්න පුලුවන්
සූකිරි ඇස් වහලා තිබුන රෙදිකඩ ගලවනවාත් එක්ක මම දැක්කේ දිව්‍ය ලෝකේ
හද කිරන අලුපාට මුදුදට වැටිලා මූදු වතුර රිදී පාටට දිලිසෙනවා
අපි හිටියේ චන්ද්‍රවන්කයක් වගේ හැදුන පුන්ච් මූදු බොක්කක
සුදුපාට වැලිවලට වැටෙන   හඳ  එලිය නිසා වැල්ල තබ   රත්තරන් පාටයි
වැල්ල ඉවරවෙන මායිම කොලපාට තන පදුරු වල දම් පාට බිම් තබරු දාස් ගානකින් වැහිලා

HatharawaramNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ