ඔබට ආදරෙයි මං අහසක් තරම්

496 57 39
                                    

ඔබට ආදරෙයි මං අහසක් තරම්
අවසන් කොටස

මට සිහිය එනකොට මං හොස්පිට්ල් එකේ ඇඳක් උඩ.අයියා මගෙ අතකින් අල්ලගෙන ඇඳේ කෙලවරක ඔලුව තියන් නිදි.නැගිටින්න උත්සාහ කලත් මගෙ ඇඟට පන නෑ වගේ මට දැනුනෙ.මගෙ අත හෙල්ලුණ නිසාද කොහෙදෝ අයියා ගැස්සිලා ඇහැරුණා...

" මගෙ රත්තරං 🥺 මැණිකට සිහිය ඇවිත්..."

" මට මොකද අයියේ උනේ"

" මැණිකට දවස් 5කට පස්සෙ සිහිය ආවෙ.ඩොක්ටර්ස්ලා කිව්වා බේරගන්නත් බැරි වෙයි කියලා.ඒත් මං අඬපුවා අහගෙන ඉඳලද මන්දා, මගෙ මැණික අයේ හුස්ම ගන්න ගත්තා.මට මැරෙන්න තරම් හිතුණා මැණික"

" අනේ 🥺 දැන් අඬන්නෙපා මගෙ අයියේ.මල්ලි ඉන්නෝනෙ දැන්"

" 🥺 මං ගොඩක් දුකින් හිටියෙ මැණික.මට ඔයා ඇස් දෙකවත් අරින්නැතුව මේම ඇඳකට වෙලා ඉද්දි බලන් ඉන්න බැරි තරම් වේදනයි..."

" ඇසුත් වලගැහිලා...නිදාගත්තෙ නැද්ද..."

" මේ වගේ ටිකක් නිදාගත්තා ඉතින්..."

" අනේ ඉතින් ගෙදර ගිහින් නාලා කරලා ටිකක් නිදාගෙන එන්නැපැයි බබා.අනික ඔයාට මං ලඟ නර්ස් කෙනෙක් නවත්තන්න තිබ්බනෙ."

" වෙන කාවවත් මැණික ලඟ තියන්නෙ මොකද මං.මගෙ පණ ලඟින් හෙල්ලෙන්නවත් කැමති නෑ මං"

" හරි හරි,ඒත් අද ගෙදර ගිහින් වොශ් එකක් ඒම දාලා,නිදාගෙන හෙට එන්න..."

" බෑ"

" බැරි නෑ"

" බෑ කිව්වනෙ"

" හිතුවක්කාර වෙන්නෙපා හරිද"

" තව්සෙනෙ හිතුවක්කාර"

" අනේ මේ"
" කෝ දැන් පුතා"

" පුතා එයාගෙ නැන්දිලා දෙන්න ලඟ"

" ආ 🙄 කව්ද නැන්දිලා"

" තව්සෙගෙ නෑනයි,මගෙ නෑනලා දෙන්නයි.වෙන කව්ද ඉතින්.."

" මොකක් 🙄"

" බබා අසනීප උනදාට පහුවදා අපෙ අම්මයි,නන්ගියි, බබාගෙ අම්මයි නන්ගියි මෙහෙ ආව.."

" කෝ දැන් අම්මා"

" උදේ ඉඳන් ඉදලා මේ දැනුයි ගියේ,හවස එනවා කියලා"

ඔබට ආදරෙයි මං අහසක් තරම් ❤️(Completed )Where stories live. Discover now