🌼 සඳමිතුරි 🌼 සයවැනි කොටස 🌼

Comincia dall'inizio
                                    

මේ අයුරින් ම බොහෝ වේලාවක් විනෝද වී අවසානයේ සියලු දෙනා තම නිදන කාමර වලට පිටත්ව ගියහ.

පසුදින ඔවුන් ලබා ගත් ස්ථාන නිල වශයෙන් නිවේදනය කරන ලද අතර සුපුරුදු පරිදි බාලක අංශයේ ප්‍රථම ස්ථානය රයන් විසින් දිනාගෙන තිබුණි .

ඔහු හා කතා කිරීමට වෙන කවරදාටත් වඩා උවමනාවක් හිරුණිට ඇති වී තිබුනත් ඒ ඇයිදැයි කියා ඇයටවත් නිනව්වක් නොවූ අතර ඇගේ දෑස් නිරන්තරයෙන් ඔහු පසුපස ලුහුබදිමින් තිබුනි.. දෙවරක්ම ඔහු අසලට යෑමට උත්සාහ කලත් ඒ දෙවරම කුමක් හෝ හේතුවක් නිසා එම අවස්ථාව මඟහැරිනි .

සවස් වන විට බොහෝ පාසල් වලින් පැමිණ සිටි කණ්ඩායම් පිටව ගිය නිසා ක්‍රීඩාගාරය පාළු ස්වරූපයක් ගෙන තිබිනි.

හිරුණි ද අනෙක් අය සමග ක්‍රීඩාගාරයෙන් පිටතට යද්දි  දොර අසල  රයන් ඇමතුමක සිටිනු දුටු හිරුණි මදක් අන් අය ගෙන් ඈත් වී සෙමින් ගමන් කලේ ලැබෙන තුන්වන අවස්ථාවත් අහිමි කරගත නොහැකි නිසා ..

ඇය සෙමෙන් දොර අසලට එත්ම ,

කියන්නේ වත් නැතුව නේ යන්න හදන්නේ ..

දුරකතනය සාක්කුවේ හොවා ගත් රයන් ඇගේ දෙස බලා විමසීය ..

ආහ් .. එහෙම එකක් නෑ අයියේ .. මීට් වුනේ නෑනේ ඉතිං ..කියන්න ..

Instagram යූස් කරනවාද ?

ආහ්හ්... ආ ඔව් ඔව් .. සිතූ අබේසිංහ කියලා ඉන්නේ.. 🙂

හ්ම්ම් .. ඕකේ මං බලන්නම් ..

එදා බැන්ඩේජ් එකට තෑන්ක්ස් අගේන් ..

අපෝ ඒක සුලු දෙයක්.. එහෙනම් පරිස්සමින් යන්න ..

දැනම් යන්නේ නැද්ද ?

ටීම් එකේ අය නම් ගිහින් ගොඩක් වෙලා ... මං  ගෙදරට කිව්වා වෙහිකල් එකක්  එවන්න කියලා.. ඉතිං  ඒක එන කම් ඉන්නේ..

හරී .. එහෙනම් මං යනවා.. බායී

හිරුණි ඔහුට සමුදී වේගයෙන් කණ්ඩායම සිටි ස්ථානයට දිව ගියේ පාදයේ වූ ආබාධයද අමතක වූ ලෙසින් ..

හිරූ අක්කේ.. අපි නම් මුකුත් දැක්කේ නෑ ඔන්න ..

ඒක තමා අපි නම් දැක්කේ නෑ..

හරි බං ඉතිං උබලා පොට්ටයි කියලා මං මොනා කරන්නද..

මෙයාගෙ කකුලේ කැක්කුමත් හොදවෙලා..

දොර ගාවට එනකම් ගාට ගාට ඇවිත් දැන් එනවා පිඹගෙන

මැඩම් එනවා කෑගහන්න එපා .. ප්ලීස් ..

හරි නේ දරුවෝ ඒනම් යමු ..

සියලු දෙනාම නැවත නිවෙස් කරා පිට විය අනෙක් අයට ක්ෂණිකව නින්ද ළගාවූවත් හිරුණිට නින්දක් පෙනෙන මානයේවත් නොවුනු නිසා දුරකතනය ගෙන එහි තිරය දෙසට දෑස් යොමු කර ගත්තාය ..

🌼🌼🌼🌼🌼🌼🌼🌼

🌼සඳමිතුරි 🌼 (On hold )Dove le storie prendono vita. Scoprilo ora