02. පලවෙනි බිල්ල

1.4K 342 162
                                    

"ඔයාට ඒ වෙනුවෙන් කරන්න කිසිමදෙයක් නැහැ, සුද්දා! සත්තයි! "

මගේ හිතට ඇල්ලුවේ නැත්තේ එහෙම කියද්දිත් අළු කුමාරයාගේ මුහුණේ තිබුණ කුප්ප හිනාව තමයි. කවුද නිකන් දෙයක් කරලාදෙන්නෙ?

එකඅතකට මේක මගේ මනෝවිකාරයක්ද?

පහුගිය දවස් ටික කාමරේම ඇතුලටමවෙලා අඬඅඬා ඉඳපුනිසා මගේ වයර් මාරුවෙලා ඔලුව විකාරවෙලා... සමයං මඟුල් පෙන්න පටන්අරගෙනද? නැත්නම් මම මේ නින්දෙන් දකින හීනයක්ද? මොකෝ හිතෙන හිතෙන විදිහේ දෙවල් කරන්නයි... ලෝකෙන් මිනිස්සුන්ව මකලාදාන්න‍යි... කාටවත් පුළුවන්ද? මේවා විශ්වාසකරන්න එක්කෝ අළු කුමාරයට පිස්සු... නැත්නම් මට පිස්සු!

නැද්ද?!

"හෝව් හෝව්... රත්තරං! එක! අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මොළේ කොලොප්පන් නැහැ. කලින් කිව්වා වගේ... මම අළු කුමාරයෙක්. අස්සයා පිටේ ඇවිල්ලා කෙල්ලන්ව කැන්දගෙනයන සුදු කුමාරයෙකුත් නෙමෙයි... නාන තැන්වල හැංගිලා ඉඳලා ඇඟ හෝදන උදවියව රේප්කරන කළු කුමාරයෙකුත් නෙමෙයි!"

"ඒ දෙන්නගේම හයිබ්‍රිඩ්එකක්?" මම ඇහුවා.

අමුතු යකෙක්.

අළු කුමාරවරු අස්සයගේ පිටේ එක්කගෙන ගිහින් රේප්කරනවද... නැත්නම් රේප්කලාට පස්සේ අස්සයගේ පිටින් එක්කගෙන යනවද කියලා මට ප්‍රශ්නයක්. කෝකටත් කියලා මම ඒක අහන්නේ නැතුව ඉන්න තීරණය කළා.

"අන්නහරි බබා! දැන්තමා ඔයා හරි ට්‍රැක්එකේ ඉන්නේ." මාදිහාට ඇහැක් ගහලා ඉඟිකරපු අළු කුමාරයා අත්දෙක එකට අතුල්ලාගත්තා. "දෙක! ඔයාට පිස්සුත් නැහැ. මට පිස්සුත් නැහැ. අලු කුමාරවරුන්ට පැවරිලා තියෙන රාජකාරියතමයි ආදරේ කරන්න දෙවෙනි චාන්ස්එකක් අවශ්‍ය කෙනෙක් ඉදිරියේ පෙනීඉඳලා ඒ අයට... සරලවම කිව්වොත්- ආයෙමත් අවස්තාවක් ලබාදෙනඑක."

ප්‍රශ්න ගොඩයි. එත් මම අළු කුමාරයට එයාගේ කතාව කරගෙනයන්න ඉඩදීලා බලාගෙන හිටියා.

"තුන! අළු කුමාරවරුන්ට ඕනි හැමදෙයක්ම කරන්න බැහැ. අපිට කෙනෙක්ගේ හිතේ ආදරයක් බලෙන් ඇතිකරන්න බැහැ. එකම වරයකින් ආයෙමත් ඒ වගේ ප්‍රාර්ථන ගොඩක් දෙන්නත් බැහැ. මැරිච්ච කෙනෙක්ව ආයේගේන්නත් බැහැ... ඒත් පනපිටින් ඉන්න කෙනෙක්ව මෙහෙම කරද්දී නැත්තටම නැතිකරලා දාන්නනම් පුළුවන්." අළු කුමාරයා ඇඟිලි එකතකරලා ගහපු අසුරේ ශබ්දය කාමරේපුරා පැතිරිලා ගියා. "අපි පෙනීහිටින්නේ මිනිස්සුන්ට වරම්දෙන්න නෙමෙයි බබා... ආදරේ ලබාගන්න ඕනිමදෙයක් කරන්න සූදානම් කෙනෙක්ට එයාලා බලාපොරොත්තු වෙනදේ ඉශ්ටකරගන්න අවස්තාවක් දෙන්න. එච්චරයි! හරියට අපායේ මල්සරා වගේ..."

මැදියමට පෙරWhere stories live. Discover now