囧- සිව්වන වෙඩිල්ල -囧

Start from the beginning
                                    

දිනකට දෙපැයක නින්දත් , දැඩි පුහුණුවන්ගෙන් වේදනාවක් හෝ රෝගී ගතියක් දැනෙන්නේ නම් ඔවුන්ට ඉවසීම හැර අන් පිළියමයක් ඉතිරි නොවී ය. ප්‍රථම මාස කිහිපය ගෙවෙන තුරුම නවකයන් යුධ හමුදාව තුළට හුරු කරන්නේ එලෙස විය. එබැවින් මෙවන්ගේ පාදය හා සිරුරේ වේදනාවට ද අන් පිළිමයක් නොවී ය.

වළලුකර අසළට එල්ල වූ පොලු පහර කිහිපයෙන් පාදයේ වළලුකර අසළ ඉදිමී ඇති වග සිය බූට් සපත්තු ඉවත් කළ මෙවන් දුටුවේ ය. මෙවන් නළල ද වේදනාවෙන් රැළි ගන්වමින් සෙමින් සිය පාදය අල්ලා බැලුව ද අත තැබිය නොහැකි තරම් එය ඉදිමී තිබුණි. වේදනාවට යටි තොළ සැපීමෙන් එය ද ලෙයින් තෙත්ව යනු ඔහුට දැනුණි. ඔහු තොල සපාගෙනම සිය පාදය පිරිමැද්දේ දැනෙන වේදනාව නොසලකමිනි.

'' ලුතිනන් කර්නල් බැරි නම් මොකා හරි ... !!! ඕකාට වටිනවා ද මට මෙහෙම සලකන්න ?!! ගන්ධබ්බ දේවන්තයාා.. මට ඇදුම් ගළවන්නත් කිව්වා... වලත්තයා..'' මෙවන් සිතින් බැන වැදුණේ තමා මෘදුව වුව ද ස්පර්ශ කරන වාරයක් වාරයක් පාසා සිය පාදය ඇදුම් කද්දීයි. ඔහු සිතින් බැණ වදින සියල්ල වචන ලෙස පිටවීමට හේතුව මෙවන් නොදත්තේ ය. නමුත් මෙවර අහළ පහළ ඇසෙන මානයක කිසිවෙකු නොවීම ඔහුගේ වාසනාව විය. ඔහුට දැන් නම් සිය ඥාති සොහොයුරා කෙරේ ඇත්තේ පිළිකුළ මුසුවූ කෝපයකි.

තමා දේවන්ත ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරුවත් වූ ආකාරය සිහිපත්ව යාමෙන් ඔහු නැවතත් තිගැස්සී ගියේ ය. එය එතැනින් නැවතීම තමාගේ වාසනාව වග මෙවන් තමාටම පවසා ගත්තේ ය. කරුමයට හෝ එසේ නොවූයේ නම් ? ...................

'' නෑ එපා.. ඕක නවත්තනවා.. ඊවූ.... දිග පළල වැඩියි...'' මෙවන් මුහුණ අැඹුල් කරමින් තමාටම මුමුණා ගත්තේ ය. මේ දැන් තමා නිළ වශයෙන් දේවන්තව ඥාති සොයුරා තනතුරෙන් නෙරපා දමා හමාර විය. එවැනි කුහක හිතක් නැති ඥාති සහෝදරයෙකු මෙවන්ට කිසිසේත්ව අවශ්‍ය නොවී ය. ඒ අතරේ සිය පාදයද තවමත් රිදුම් දෙයි !!!!.

නැවතත් තමා අවි පුහුණුව සදහා යා යුතු වග සිහිපත් වීමෙන් මෙවන් ඉක්මනින් සිය බූට් පාවහන් පය ලා ගත්තේ , තවත් එකදු පහරක අවශ්‍යතාවක් නොවූ බැවිනි. දැනටද තමා මිනිත්තු දෙකක් පරක්කු වග සිය රිදී අත් ඔරලෝසුවේ මිනිත්තු කටුවෙන් වටහා වටහා ගත් මෙවන්ගේ මුහුණ යළිත් ඇඹුල්ව ගියේ ය. අද නම් තමා මිය යන දිනය වග ඔහුට විශ්වාස විය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now