Chapter 11

607 109 14
                                    

2018/05/13

සෙනසුරාදා

තව දවස් දෙකක් තියෙද්දී නික් ට පුදුමාකාර අපහසුවක් දැනුනා.... ලොකු බයක් දැනුණා... කායි ඇත්ත දැනගත්තොත් මොනව වෙයිද?

නික් වැඩි වෙලාවක් ගේ කොල්ලෙක් එක්ක ඉන්නව දකින උගෙ යාලුවො අහනවා කායිගෙ ලෙඩේ ඌටත් බෝ වෙලාද කියලා. නික් හිනාවෙලා ප්‍රශ්නෙ මගහරිනවා...

ඒත් එක්කම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තු ඉයන් උගෙ යාලුවො සෙට් එකටම ඩෙයාර් එක ගැන කිව්වා.... මුළු සෙට් එකටම පණ යන්ඩ හිනා.

මොනව උනත් ඉයන් මේ සැරේ ගොඩක් සාර්ථකයි... දැං හැමෝම බලන් ඉන්නේ නික් අර පිස්සු පුංචි එකාව රිජෙක්ට් කරනකල්.... වෙනදට වඩා අද ගොඩක් අය කායිට කරදර කරා. ඒත් නික් බේරගන්න හිටියෙ නෑ...

කොල්ලව වොශ්රූම් එකක ලොක් කරපු කොල්ලෙක් උගෙ කලිසම පහලට ඇදලා කායිට බල කරා උරපං කියලා.... යාන්තං ඉස්කෝලෙ බෙල් එක වැදුනා. ඉන්ටවල් එකේදි එකෙක් ඇවිදිං කොල්ලගෙ කෑම එක උදුරලා ඩස්බින් එකට විසි කරා. සමහරු කොල්ලව දකිනකොට වෙනදට වඩා ඌව කොං කරා.

ගේ කියලා කියන්නේ දකින දකින කොල්ලට කැමති එක නෙවෙයි කොල්ල කෑ ගැහුවා..ඒක අහපු ඉයන් උගෙ අතේ තිබ්බ කෑම ටිකක් කායිගෙ ඔළුවට හැලුවා..." ස්ටුපිඩ් ෆැග්!"

" ඕක ඇති බං නවත්තපංකො!" ඒ කටහඬ... නික්...... අයියා...!

කායිට අයියගෙ කටහඬ ඇහෙනකොට ගොඩක් දුක හිතුනා... අනේ අයියේ මාව මගහරින්න... නැතිනම් මට එදාට මීටත් වඩා ගොඩක් දුක හිතෙයි...නික් කායිව ඇදලා තමං ළගට ගත්තා.

" God you are a mess!" කායිව එදා වොශරූම් එකටම අරං ගිය නික් කීවා...

" Yeah ... I'm your mess!" කායි අයියව තල්ලු කරලා එතනිං දුවගෙන යන්ඩ ගියා. අඩලා වැඩක් නෑ... තමං හැමෝගෙම සෙල්ලම් බඩුවක් විතරයි....toys don't have feelings... but Do they?

කායි අඩ අඩා තනිවම තමංගෙ ගෙදරට ගිහින් කාමරේ අගුල් දාලා ලොක් කරා. හෙට වෙනකල් එලියට එන්නේ නෑ...

රෑ එකොළහයි .... තාත්තා තාමත් ගෙදර නැහැ... කායි නිදන් නැතුව ඇඳේ එහාට මෙහාට පෙරලුනා. මේ ඔක්කොම මං නිසා... කොල්ලා හිතුවා. එදා අම්මට නොකීවනම් එයා ගැන... නොකීවෙම් අයියා ගැන... ! නොකීවනම් එයා කැමති තවත් කොල්ලෙක්ට කියලා... මෙහෙම නොවෙන්න තිබ්බා. හරි නම් මැරෙන්න ඕනේ මමයි... පොඩි එකා හිතුවා.... කොල්ලා ගොඩක් උත්සහ කරා... කොල්ලා මුලින්ම බෙල්ලෙ වැල දාගන්න හැදුවා.... ඒත් බයට ගැහුවෙ සමනල ගැටයක්..ගැටේ ලෙහිලා කොල්ලා බේරුනා. එදා කොල්ලා දවසෙම ඇඩුවා.... පස්සෙ වෙනකොට අයියා දිහා බලලා එයා වෙනුවෙන් ජීවත් උනා....

Enemies In Love (short stories) completedWhere stories live. Discover now