ඩැනියෙල් හොඳටම හිනා උනා." උබට පිස්සුද බන් ඕකා කොල්ලෙක්නෙ!..."
" කෙල්ලෙක් නම් මට මේ දැං උනත් සෙට් කරගන්ඩ පුළුවන්!"

"ඒ කියන්නේ උඹ මේ පුංචි ඩෙයාර් එකටත් බයයි නේද?" ඉයන් නික් දිහා බලං පල් හිනාවක් දැම්මා.

"නෑහ් ... හරි . සතියයි නෙ? බලහං මම ඌව යාලු කරගන්න හැටි!" ඉයන් ට පොඩි තල්ලුවක් දාගෙන නික් දොර ඇරගෙන එළියට ආවෙ ඔය කියන කායි ව තමන් ගෙ දැලේ දාගන්ඩ ප්ලෑන්ක් හිතං. කායි...අරූ. අර ඇවිදින රෝස මල. රෝස පාටට අඳින, කම්මුල් පුරා දිලිසෙන ග්ලිටර් උලං ඉන්න සුදු කොල්ලා. හප්පේ ලේසි වැඩක් නෙ! කොල්ලා එච්චර කායි ගැන නොදන්නවා උනාට නිතරම ඌව දැකලා තියෙනවා.

නික් සහ ඉයන් දෙන්නම දොලහ වසරෙ. ඒත් කායි උන් දෙන්නටම වඩා බාලයි. ඌ ඉගනගන්නෙ එකොලහ වසරේ. ඒ නිසා කායි එක්ක එකට ක්ලාස් එකක් නම් සෙට් වෙන්නෙ නැහැ.

ඉන්ටවල් එක වෙලාවෙ මුලින්ම කැන්ටිමට ගිය කොල්ලා වට පිටාවෙ බල බලා හෙව්වෙ කායි ෆීලික්ස් ව. නික්ට පුලුවන් උනා ලේසියෙන් ම තමන්ගේ ටාගට් එක හොයාගන්න.

කැන්ටිමේ කොනක තනිවම ඉඳං හිටියෙ කායි. ඌ කෑම කනවා වෙනුවට පෑනක් අතට අරං තනිවම හිනා වෙවී පොතක මොනවද හෝ ගාලා ලිය ලියා හිටියා.

නික් උගෙ ඇඳුම එහෙම හදං ... කොන්ඩෙත් සැරයක් ආපහු පිටිපස්සට අතගාලා පීරලා කායි ළග ට ගිහින් හිටගත්තා.

"හේය් ව්ට්ස් අප් මෑන්!.Do you believe in love at first sight...or should I walk by again?...මම නික් ඩැනියෙල්ස්.... මට ඩෑන් කියලා කතා කරන්ඩ! Nice to meet you!  ඔයා නිකං මගෙ ඊළග boyfriend වගේමයි!"

නික් උගෙ දකුණු අත කායිට දික් කරා. වේගෙන් තමං ලිය ලියා හිටපු පොත බෑග් එකක් අස්සට ඔබපු කොල්ලා තමංගෙ අත් දෙක ශර්ට් එකේ තදේටම පිහි දාගෙන ඩෑන් ගෙ අත අරං ශේක් කරා." හායි" පොඩි කොල්ලා හිනා වෙලා නික් ගෙ ඇස් දිහා ලැජ්ජාවෙන් බැලුවා." මම...කායි...කායි ෆීලික්ස්"

කොල්ලගෙ අත ගත්ත නික් කායිගෙ ඇස් දිහා බැලුවා. ඒවා දිලිසෙනවා... ඒත් ඒ ඇස් දෙක කියවන්න නික් ට බැරි උනා. කොල්ලො දෙන්නා තාම හිටියෙ අත් අල්ලං.

කායිගෙ අත් හරිම සිනීදුයි කියලා නික්ට හිතුනා. වාව්! කොල්ලෙක්ගෙ අත් මෙච්චර සිනිදු වෙන්නෙ කොහොමද? උගෙ යාලුවා ඉයන් ගෙ අත් මාර ගොරෝසු යි නෙ... තමංගෙම අතුත් හොඳටම ගොරෝසුයි.!.

Enemies In Love (short stories) completedWhere stories live. Discover now