යුංගි කිව්වෙ තරහා යටපත් කරන් උපරිම සහෝදර සෙනෙහසකින්. ඒත් සහෝදරකමට , යාලුකමට වඩා ආදරය ලොකු වෙද්දි ඒ හිත වෙනස් වුනෙ හරි පුදුම විදියට..

ඉතින්...

නම්ජූන් පලවෙනි වතාවට යුංගිට අත ඉස්සුවා.. අත් මිට මොලවලා යුංගිගෙ කම්මුල හරහා පාරක් ගැහුවෙ යුංගිගෙ තොල් පැලිලා ලේ එන්නමයි. කොල්ලා පැත්තකට විසික් වෙලා යද්දි නම්ජූන් කා දිහාවත් නොබලා එලියට බැස්සෙ හිතක් පපුවක් නැතුව වගෙ...

Flashback end...

යුංගිට ගහපු වෙලාවෙවත් කොල්ලො ටිකට නම්ජුන් ගැන ඇති වුනෙ තරහක් නෙවෙයි අනුකම්පාවක්... කොල්ලා ඊයෙ යුංගිට ගහලා ගිය වෙලාවෙ ඉදන් නම්ජුන් ගෙදර ආවෙ නෑ. මීශා කලෙ කන්න ඕනි කෑම අජුම්මට කියලා ගෙන්නගෙන රූම් එකට වෙලා කාපු එක. ජින් කෙල්ලගෙන් නම්ජූන් කෝ කියලා ඇහුවත් කෙල්ල කලෙ දන්නෑ කියන එක විතරයි...

චෝයි ශීශා හෙවත් චෝයි ශීරා.. බ්‍රයන්ගෙත් මින්හොගෙත් බාලම සහෝදරිය.. තමන්ගෙ හොදම යෙහෙලියගෙ මරණය වෙනුවෙන් පලිගන්න එන තරුණ වුනත් හිත හරි දරුණුයි ඒ කෙල්ලගෙ.. තමන්ගෙ පලිගැනීමට නම්ජුන්වම ගත්තෙ ඇයි? ලෝරගෙ මිනීමරුවා ජංගුක් බව හොයාගත්තෙ කොහොමද? හැමදේම ශීරා ඉක්මනට පාපොච්චාරණය කරයි..

ඒත්....

ඊට කලින්..

ශීරා , බ්‍රයන් , මින්හෝ... ලොකු විනාසයක් කරයි...

කෙල්ල කවදාවත් නැතුව ස්කිනියක් ඇදගෙන කොන්ඩෙත් උඩට කරලා බැඳගෙන එන හැටි කොල්ලො ටික බලන් හිටියෙ පුදුම වෙලා.. අද හරි වෙනස් ඒ කෙල්ල.

 අද හරි වෙනස් ඒ කෙල්ල

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

( මේ වගෙ)

ඇස් දෙකෙ ඇඳලා තිබුන ලොකු අයිලයිනර් එක.. දකුණු ඇහි බැමෙ මැද කපලා , තද රතු පාට ලිප්ස්ටික් එක.. කෙල්ලට එකතු කළේ අමුතු පෙනුමක්..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Onde as histórias ganham vida. Descobre agora