"එතකොට මේ හ්‍යුන්ගේ???"
"අහ්හ් මෙයා මගේ..."
මිසූව පෙන්නලා ජීහුන් එහෙම අහද්දී මගේ අතේ ඇගිලි මිසූගේ අතේ ඇගිලි එක්ක පටලලා ඇස් දෙකට එබිලා මම හිනා වුනා. මිසූට මොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙලා හිටියේ. එයත් මගේ ඇස් දෙක දිහා බැලුවා. ඒ ඇස් හරිම වෙනස්. මොනවදෝ කියන්න හැදුවට මට ඒක හරියටම තේරුම් ගන්න අමාරුයි. ඒ වෙලාවේ එහෙම කරන්න හිතුනේ ඇයි කියලා දන්නේ නෑ. ඒත් මිසූ මගේ පෞද්ගලික ලේකම් කියලා කියන්න හිත දුන්නේ නෑ.
ඒ ජියාට රිද්දන්නද ??
මිසූට තියෙන කැමැත්තටද ??
මම දන්නේ නෑ. මට දැනුනේ මාව අසරණ වෙලා වගේ.
"Excuse me Mr. & Mrs. Choi මට පොඩි වැඩක් තියෙනවා. ඒ නිසා මං දැන් යන්න ඕනේ. Have a good day."
හැමෝටම සමුදීලා මිසූවත් ඇදගෙනම ඉක්මනින් එතනින් ආවේ ජියාගේ මූන දිහා නිකමටවත් එක වෙලාවක්වත් බලන්නේ නැතුව. මම මිසූව එයාගේ කාර් එකට ඇරලවලා මගේ කාර් එකට යන්න ගියේ මගේ හිත තාමත් ජියා වෙනුවෙන් ගැහෙනවා නේද කියලා හිත හිත. ඒ දෙන්නා එකට ඉද්දී මට වේදානාවක් දැනුනා. ඒත් මිසූගේ ඇස් දිහා බලද්දී ඒ තිබ්බ වේදනාව නැති වෙන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ.
"ජිමින් !!!!"
YOU ARE READING
IM YOURS 🥀~PJM (Completed)
Short Storyමං එයා එනකම් බලන් හිටියා . ඒත් එයා තාම නෑ... ආයේ ආවෙත් නෑ... එහෙනම්... එයා කොහෙද??