අපි අපේ 13
පහුවදා මම නැගිටිනකොට ටිකක් උදේ වෙලා...එලාම් තියාගන්නත් අමතක වෙලා...අනික රෑ තිස්සෙ මගුල් හිත හිතා නිදාගන්නෙ නැතුව හිටියනෙ...අටට විතර මම නැගිටලා මූනකට හෝඳන් පල්ලෙහාට යනකොට තාත්තායි අම්මයි නැගිටලා තේත් හදන් බොනවා අලුත බැඳපු කපල් එක වගේ...
" මම අර පුතාට කියලා පාන් දෙකක් ගෙන්නගත්තා....අපි මේ තේටික බීලා පරිප්පු මිටක් තියන්න හැදුවෙ.. "
" අනේ මේ තාත්තෙ...මම තියන්නම් අප්පා.... මට ටිකක් නින්ද ගියා... අර පන් ගෙනාව කිව්ව ලමයට තේ දුන්නෙ නැද්ද එතකොට..."
" මොන තේද....වෙනදටත් වඩා කලියෙන් ගියෙ...මම කිව්වා බයිසිකලේ නැති එකේ ත්රීවිල් එකේ යන්ඩ කියලා...අනේ කමක් නෑ කියලා බස්සෙකේම යන්නං කියලා ගියෙ.. "
" ඇහුනද ඒයි...මට ඒ කොල්ල ගැන හරි ලෝබයි... පව්.. බෝඩිමට ඇවිල්ලත් ඒ හැටි දවසක් නැති එකේ සමහරවිට දවස ගානෙ ඉස්පිරිතාලෙ බඩගාන්ඩ ඇත්තෙත් අපිට තියෙන හිතවත් කමට කියලා හිතෙනවා...."
" නොකිව්වට ඉතින් එහෙම නොහිතුනා නෙමේ... උදේම ඇවිල්ලා ඌම අහලනෙ පාන් ගෙනල්ලා දීලා ගියෙ... ඇරත් යනකොට දෙන්නටම වැඳලා බේත් බොන එක අමතක කරන්ඩ එපා කියලා ගිය විදිහ ...අම්මා නැති උනාට පොඩි කාලෙ ඉඳන් ඌව හොඳ විදිහට හදලා තියෙනවා... මට අවුරුදු ගානක් ළමයි එක්ක වැඩ කොරලම එකෙක් හැරෙනකොට කියන්ඩ පුළුවන්..."
# අනේමන්දා ...මේවට අඬන්ඩ ද හිනාවෙන්න ද හිතාගන්න බෑ...මේ යන විදිහට දිගටම ගියොත්...ඌ මෙයාලට අම්මා තාත්තා කියලා කතා කරන්ඩ ඒ හැටි දවසක් යන එකක් නෑ..... අනේ ඉතින් මගෙ මොකෝ... මරිසිය දැම්මට ඉතින් ඌ හොඳ එකානෙ කොහොමත් #
" ප්රීති ප්රීති ප්රීති ...ඔයාලා දෙන්න එයාට ප්රශස්ති කිය කියා ඉන්ඩ එහෙනම්... වැඩකාර කොල්ලා ගිහින් හාමුටයි නෝනා මහත්තයටයි උදේ කෑම ලැහැස්ති කරන්නම්... "
" ආන්න හොඳයි...කොහොමත් මේ ටිකේ සුදු අප්පුවා උයපුවා කාලා මට දැන් මගෙ කෑමවලට වඩා ඌ උයන ඒවා රහයි...මම මාසෙකට පිරිමහන සුදුලූනු පහේ ටික මූ සතියට මාලු පිනීවලට දානවනෙ..."
YOU ARE READING
අපි අපේ
Short Storyසුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂