අපි අපේ 12

Start from the beginning
                                    

අරූ පැත්තකට වෙලා කෝල් එක ගන්නකම්ම මම හිතින් තොයිල් නැටුවා....  කෝල් එක අරන් ඉවර වෙලා මගෙ පැත්තට ආවෙම එයාගෙ සිම් එක ගලවලා ෆෝන් එක විතරක් මට දික් කරගෙන....

" යමන්...අම්මා එක්කගෙන එන්න පරක්කු වෙයි.. "

මම ෆෝන් එක ගත්තෙ උදුරලා අහක බලන්....

" මම ඈ ඉතින් කෝල් අරන් මල් කඩ කඩා කාලෙ කෑවේ...දැන් තමා තදියම හැදිලා තියෙන්නෙ...."

මම එහෙම කියන් වෙන කතාවකට පැටලෙන්න නොඉඳ පන්සලෙන් එලියට ආවේ පඩිපෙල ළඟ ගලවපු මගෙ සෙරෙප්පු දෙකත් දාගෙන් අරූගෙ සෙරෙපොඋවක් ටිකක් එහාට විසි වෙන්න පයින් ගහගෙන.... මම ගිහින් පාර අයිනෙ නවත්තලා තිබ්බ වීල් එකට නැගලා මගෙ සිම් එක දාගෙන හිටියෙ අරූට ඕන වෙලාවක ඇවිල්ලා වීල් එක අරන් යන්නෙ නැතැයි කියල හිතන්...

අයියා ඇවිල්ලා වීල් එක ස්ටාට් කරන් යන්න ගත්තෙ මම එක්ක කතා කරන්ඩ පොටක් ඇදගන්ඩ මාන බලන ගමන් කියලා මට හිතුනෙ මම ෆෝන් එක දිහා බලන් උනාට හොරෙන් ඌ දිහා බලාන හිටපු නිසා...සැරෙන් සැරේ මගෙ දිහා බලලා ඒ යකා මට මොනවා හරි කියන්ඩ හැදුවා...මම නොදැක්ක ගානට ෆෝන් එක බලාගෙනම හිටියා.... වීල් එක ඉස්පිරිතාලෙ ගාව නැවැත්තුවට පස්සෙ මම අයියා එක්ක කතා නොකරමයි ඇතුලට යන්ඩ ගියෙ...

" මල්ලි..."

අයියා කතා කරපු කමට මම හැරිලා බැලුවා...ඒත් ඇයි වත් කිව්වෙ නෑ...ඒ හින්දා ආයෙම කට ඉස්සර කලේ එයාම තමා..

" දන්නවද බන්...මිනිස්සුන්ට කුඩේ ඕනෙ වහිනකන් විතරයි... වැස්ස පායපුහාම කුඩේ විසි කරලා දාන්නෙ ආයෙ කවදාවත් ඕන වෙයි කියලාවත් නොහිත.... කුඩේ තරහක් නෑ...ආයෙ වැස්සක් වැස්සොත් මිනිස්සු ගාවට යනවා..."

# මොනවා කියනවද මන්දා...මේ යකා සාහිත්‍ය පොතක් දිගෑරගත්තනෙ ඒපාර...මොකක් ගැනද මේ කියන්නෙ දැන්... දැන් වැස්ස පායලා ඇති එහෙනම්...කුඩේ එපා කියලා වෙන්ඩ ඇති කියන්නෙ...නෑ නෑ...ඔයාලගෙ මැද්දට මම එන්නෑ.... #

" ඇයි මට ඕවා කියන්නෙ ඉතින්..."

" ම්ම්ම්...නෑ...මේ...උඹේ වචන..කතා බහ වෙනස්....නෑ..එක්කො...අම්මව එක්කන් එමු....අම්මා බලාගෙන ඇති. "

අපි අපේWhere stories live. Discover now