🤵: මහත්තයා...පොඩ්ඩක් ඔහොම ඉන්න කෙනෙක් ඔයාව දැක්කම සතුටු වෙයි....

කියලා එතනින් ඉක්මනින් දුවන් ගියේ අර තරුණයාගෙන් පිලිතුරක් ලැබෙන්නත් කලින්...

________________________________

ජන්කුක් නින්දෙන් අවදි උනේ දොරට ගහන සද්දෙකින්...

ඇදේන් බහින්න කම්මැලිකමට ජන්කුක් ඒ කෙනාට ඇදේ ඉදන්ම කතා කරා..

🐰: පීටර් එන්න ඇතුලට...

දොර කැඩෙන තරම් වේගෙන් ඇරපු පීටර් දුවගෙන ඇවිත් හති අරින්න ගත්තා...

පොඩ්ඩක් ඒකට හිනා උන ජන්කුක්

🐰: මොකද අප්පේ මේ උදේන්ම දුවන්නෙ..ලගදි මැරතන් එකක් වත් තියෙනවා ද ?

🤵: මැරතන් නෙමෙයි පොඩි මහත්තයා එයා..එයා ඇවිත්...

ඒක කියපු ගමන් ඇදෙන් බිමට පැන්න ජන්කුක් ඇසුත් ලොකු කරන්

🐰: එයා ඇවිත්?

කියලා ඇහුවාම ඒ වෙනුවට ලොකු හිනාවක් මූනෙ ඇද ගත්ත පීටර් ඔලුව විතරක් වැනුවා...

ඒ පිම්මටම තමන් ඇදගෙන ඉන්නෙ නිදන ඇදුම නේද කියලාවත් නොහිතපු ජන්කුක් එහෙමම දිව්වෙ පල්ලෙහා තට්ටුවට...

________________________________

සාලේට දුවන් ගිය ජන්කුක් දැක්කා එතන දෙන්නෙක් හිටගෙන ඉන්න බව...

එහෙමම තමන්ට ඕන කරන කෙනා ගාවට දුවගෙන ගිය ජන්කුක් ඒ කෙනාගෙ නම කෑගහගෙනම හුගාක් තදින් බදා ගත්තා...

🐰: ටෙටේඒඒඒඒඒඒ...!!!!

එත් ජන්කුක් හිතුවාට වඩා ටේගෙන් හම්බුන ප්‍රතිචාරය හුගාක් වෙනස් උනා...

ජන්කුක් එයාව බදා ගත්ත සැනින්ම ටේ එයාව හුගාක් වේගෙන් තල්ලු කරලා දැම්මෙ එතන තිබ්බ කොෆි ටෙබල් එකේ වීදුරුවත් කඩාගෙන ජන්කුක් ව බිම වැටෙන්න...

බිම වැටෙනවා එක්කම ජන්කුක් ගේ පිට වගේම අතේ වැලමිටත් තුවාල උනේ කොෆි ටෙබල් එකෙ බිදුන වීදුරුවට...

එකෙ වේදනාවටමයි ජන්කුක් ගේ කටින් කෙදිරිල්ලක් පිට උනේ

🐰: අහ්....!

Ghost lover (Completed ✅....)Where stories live. Discover now