අපි අපේ 10

Start from the beginning
                                    

"අම්මා පව් තාත්තෙ...එයා මම හින්දා සෑහෙන්ඩ මහන්සි වෙන්නෙ..මම රස්සාවක් හොයගන්නවා...ආයෙ අම්මට මහන්සි වෙන්ඩ දෙන්නෑ...."

" උඹ තාම ඉගනගන්න වයසෙ...වැරදි උඹ නෙමේ...මම. ලෝන් අරන් ගෙවල් දොරවල් හැදුවට මොකද දැන් තමා හිතෙන්නෙ පුළුවන් විදිහකට බිත්ති හතරක් අටවන් හිටියනම් එකක් කියලා"

" අනේ මේ...විකාර කියවන්න එපා..තාත්තා අවුරුදු ගානක් අපිව බලාගත්තෙ....දැන් මමයි ඔයාවයි අම්මවයි බලාග්න්ඩ ඕනෙ..."

" අනේ මේ...උඹේ මනස්ගාත කියවිල්ල පැත්තක තියලා...ගිහින් නාගනිං...දාඩිය පෙරෙනවා..."

" තාත්තට බඩගිනි ද "

"නෑ "

" මටත් බඩගිනී නෑ...ඒත් ඔයාට බේත් බොන්ඩ එපැයි...අම්මා හිටියනම් මේ වෙද්දි දහපාරක් කෑගහලා බේත් බොන්ඩ කියලා "

" අර පුතා එක්ක ටවුමට ගිහින් සුදු ආප්ප අරන් එනවකො...ගෙදර සීනි කෙහෙලුත් තිබ්බා...කාලා ඉඟුරු දාලා ප්ලේන්ටියක් බොමු...මම හදලා දෙන්නම්කො...උඹලගෙ අම්මට වඩා මට රහට තේ හදන්ඩ පුළුවන් "

" නෑ නෑ...මම හදන්නෙ...."

" අර ළමයා කිව්වම මතක් උනේ....මගෙන් ගුටියක් කෑවත් වචන දහයක් හරි සැරට කියලා රවාන ඉන්න උඹ පුදුමයි කටවහන් හිටියා..."

" අනේමන්දා ... මම හිතුවෙ නෑ ඒ යකා ගහයි කියලා..ඇරතේ  ඒ යකාට කේන්ති ගියෙ උගෙ අම්මට මම නොබලා හිටියා වාගේඒඑ....අනික ඌ මගෙ තාත්තා වගෙනෙ මට ගැහුවෙ...ඔයාවත් ගැහුවනම් කමක් නෑ....ඌ හිතාන ඉන්නෙ මේක උගෙ ගෙදර කියලද දන්න් නෑ..."

" නෑ ඉතින්...අපි ඌට සැලකුවෙ බෝඩිම්කාරයෙක්ට එහා ගිහින් වෙච්ච කොට...ඒළමයා අපිට ගරු කරන්නෙ අම්මට තාත්තට වගේ වෙච්ච කොට...එහෙම කරපු එකත් සාධාරණයි...උඹට අයියෙක් හිටියනම් ඌත් ඒවගේ සලකයි.... එක අතකට එහෙමත් හොඳයි ඉතින්...බයක් නෑ ඌ හරි ඉන්න එකෙන්.."

"මොකද්ද හොඳ... ඔයාටත් ඉතින් ඌවනෙ ලොකු...වෙන තාත්තෙක් නම් තමන්ගෙ ළමයට පිට එකෙක් ගැහුවහම කට පියන් ඉන්නව ඈ...ඔයා වචනයක් වත් කීවෙ නෑ නෙ "

" අන්න පරණ සුදු අප්පු ආවා.... එකට එක කියන්...ගහන්ඩ තමා වටින්නෙ ඉතින්... ඇරත් උඹ ඌට වචනයක් වත් නොකියා කට වහන් හිටිය එකේ ...මම මොකටද කියවන්න යන්නෙ...හරි දැන් උඹ කියපන්කො බලන්ඩ ඇයි කටවහන් හිටියෙ"

අපි අපේWhere stories live. Discover now