"අහ්...අහ්..."
Haikuan Yibo ගේ වලලුකර මත අත තබනවාත් සමගම yibo කෑ ගැසුවේ ඇති වූ තදබල වේදනාවත් සමගයි.

"මෙතනද රිදෙන්නේ...මම බාම් එකක් ගාන්නම්...ඉන්න"
Haikuan yibo ගේ වලලුකර මත අතින් යම් පීඩනයක් දෙමින් ඇහුවේ තාමත් තමන්ට මූණ නොපෙන්වා බිම බලා සිටින yibo ගෙන්.

"එපා...එහාට යන්න...මම හොදින්"
Yibo haikuan ව තමන්ගෙන් ටිකක් ඈත් කොට නැගිටිමට උත්සාහ කල නමුත් haikuan ඔහුව නවතාගත්තේ yibo ට යම් දෙයක් පැවසීමට.

"Kuwan මට යන්න දෙන්න මට මහන්සි"

"Yibo කෙලින් බලන්න මගේ දිහා"

"Yibo...මන් අහපවු කියනවා කෙලින් බලන්න මගේ දිහා"
මෙවර haikuan ශබ්දය ටිකක් රළු වූයේ haikuan ගේ සාමාන්‍යය කටහඩට yibo ව යටත් කරගැනීමට නොහැකි බව ඔහු දැන සිටි නිසාමයි.

Haikuan ගේ ශබ්දයත් සමග Yibo kuwan දෙස බැලුවා.
වෙනාද සීතල ස්වරූපයක් Yibo ට තිබුනත් ඔහුගේ ඇස් දෙක සැමවිටම දිලිසෙන්න ගත්තේ ඔහුගේ අලංකාර සේම තේජාන්විත පෞරුෂය විදහා දක්වමින්.
නමුත් මෙවර ඒ ඇස් දෙක සම්පූර්ණයෙන්ම රතු පාටට හැරී තිබුනේ වුනේ මොකක්ද කියලා හිතාගන්නවත් බැරි විදියට.
ඒ ඇස් දෙක ඇතුලේ තිබ්බේ
දුකක්ද?
කලකිරීමක්ද?
තරහක්ද?
අහිමි වීමක්ද?
වෛරයක්ද?
නැත්නම් ඒ හැම හැගීමක්ම මුසු වුන දෙයක්ද?
යන්න තේරුම් ගන්න haikuan ටවත් බැරි උනා.

ඒ ඇස් දෙක ඇතුලේ තිබ්බේ දුකක්ද?කලකිරීමක්ද?තරහක්ද?අහිමි වීමක්ද?වෛරයක්ද?නැත්නම් ඒ හැම හැගීමක්ම මුසු වුන දෙයක්ද?යන්න තේරුම් ගන්න haikuan ටවත් බැරි උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Kuwa...ඔයාට තාමත් වේලාව තියනවා...මේ නරුමයගෙන් ඔයාලගේ zhanzhan බේරගන්න...එයාට දුක් විදින්න දෙන්න එපා"

"ඔයාට එයාට ආදරේ කරන්නම වෙනවා Yibo...Please forget your past...live with future"

"එහෙනම් zhan ට හැමදාම ඉන්න වෙන්නේ කිසිම හැගීමක් නැති මේ yibo එක්ක...එයා ඉස්සරහට ගොඩක් විදවයි මේ ගත්ත තීරණය ගැන"
රතු වුන ඇස් දෙකත් එක්කම Yibo haikuan ට කිවුවේ කිසිම හැගීමක් නැති සීතල ස්වරූපයකින්.

Destined to be LoveWhere stories live. Discover now