අපි අපේ 6

Magsimula sa umpisa
                                    

" එක කෝල් එකෙන් දහය විස්ස එන්ඩ ඇයි උන් ගව පට්ටිය වගේ විස්සක් එක තැන ඉන්නවද...එක ෆෝන් එක පාවිච්චි කර කරා..."

" ඕන් කිව්වා කතාවක්....මම කියන්නෙ එක කෝල් එකක් ගැන නෙමේ...කෝල් එකක් දුන්නොත් විස්සක් උනත් එන්න අය ඉන්නවා කියලා... "

" ඉතින් කෝල් කරලා ගෙන්නගන්නවකො....ආ නෑ නෑ...අපේ ගෙදරට නම් ගෙන්නවන්න එපා ඔය එක එක වටේ යන උන්ව. "

" ඇයි උඹට දුකයිද...."

" මං මගුලටද දුක් වෙන්නෙ....අතේ *හ ගන්න බැරුව ඉන්නෙ තමුසෙටනෙ...මට අහේනියක් නෑ නෙ...."

" අනේ අනේ මේ....මට ලැජ්ජ නැතුව තිගෙ කට අවුස්සගත්තා ආයෙත්...කෑනුගහ හිටපන්...මම කෝල් එකක් ගන්න යන්නෙ..."

මම මොකුත් නොකියා පොඩ්ඩක් ඇදකරලා උලුවස්ස ලගට ආවෙ එක පාරට  ඇඳුම් ටික ගන්න බැරි නිසා. කෝල් එක අරන් ටික වෙලාවකින් මං ශේප් එකේ ඇඳුම් ටික අරගෙන පල්ලෙහාට බැස්සා ....ගෙදර අයට හොරෙන් ඒක කාමරේට ගෙනිහින් පෙගෙන්ඩ දාලා කුස්සිය පැත්තෙ ගියෙ අම්මා අර කියපුවා තම්බලද බලන්ඩ.

" කෝ අර අයියා..."

" මොන අයියද...?"

" මොන අයියද අහන්නෙ...උඹටත් තෝන්තු බං වෙලාවකට....බෝඩිමේ අයියා..."

" තෝන්තු අම්මටනෙ...අයියා කෝ අහන්නෙ...කෝ අර දරුවා හරි කෝ අර ළමයා හරි අහන්ඩ එපැයි...අයියා අයියා කිය්ද්න්ඩ ඇයි ඔයා එයාගෙ නංගිද "

" අනේ මේ...මම කිව්වෙ උඹේ මිම්මෙන්...ආන් අර මුට්ටියෙ ඉරමුසු ටිකක් තැම්බුවා...පෙරලා ඒ කොල්ලට ගිහින් දීපන්...පව්. කිව්වත් වගේ ඒ කොල්ලගෙ වෙලාව නරක ඇති. මහවුන් දැනගන්න එපැයි අපලයක් තියේ නම් මේ වගේ තනියෙන් තියන්නෙ නැතුව බෝධිපූජාවක් හරි තියලා සුරයක් හරි දම්මන්ඩ... "

මම ඉරමුසු එක පෙරන ගමන් අම්ම කිව්ව දේට දෙයක් ගැලපුවෙ.

" දැන් එතකොට ඔයා එයාගෙ මහ උන්ට ගගා බනින්නෙ ඔයා මගෙ අපල වලට මොනවද කරලා තියෙන්නෙ..."

" තෝ නොදන්නවා උනාට උබේ ජන්ම පත්තරේ බලෝලා තියෙන්නෙ බොල. උඹට අපලයක් නෑ...උඹෙන් අනික් උන්ට අපල තිබ්බොත් මිසක්ක කියලයි වෙදමහත්තයා කිව්වෙ... "

අපි අපේTahanan ng mga kuwento. Tumuklas ngayon