අපි අපේ 6

Start from the beginning
                                    

මම පුලුවන් තරම් ඉක්මනට අඩි ඉක්මන් කරලා කාමරෙට ගියා. මං යද්දි අයියා පුටුවෙ වාඩි වෙල මේසෙ උඩ ඩයරියක් පෙරලන් මොනවද හොයනවා.

" මොනවද හොයන්නෙ ..යන්න බෝඩිමක් හොයනෝ ද "

" තොට වැඩක් නෑ නෙ. අනික මං යන්නෙ මාසෙ ඉවර උනහම. "

" තමුසෙනෙ ලොකුකම් කියෙව්වෙ...අපි යන්න කිව්ව ඈ. "

" මගුලක් කියන්නැතුව ඉඳපන්...මම මේ ටෙලිපෝන් නම්බරයක් හෙව්වෙ...නිමාඩු දාන්න වෙයි සතියක් වත්...හෙඩ් ඉෆිස් කතා කරන්න වෙනවා...මේපාර බේසික් එක විතරයි ඉතින්...බයිසිකලේ ලීස් එක ගෙව්වහම කොහොමත් වෙන බෝඩ්මක් හොයගන්න වෙයි වගේ...සල්ලි දීගන්නෙ කොහොමද කියලයි මං කල්පනා කලේ"

ඒකට නං මට අවුල් ගියා. හරියට බැලුවොත් මොනවා උනත් මං හින්දනෙ මිනිහට මේක උනේ. වැරැද්ද පිලිගන්න ඕන කියලා වෙලාවකට හිතුනත්  ඒ යන විදිහට නම් මේක කියන්නම බෑ කියලා මම පස්සෙ හිතුවා.

" ඒවා හිතන්නෙපා ....අපි අමනුස්සයො කියලද දන්නෑ හිතාන ඉන්නෙ...මිනිහෙක් අසරණ වෙච්ච වෙලාවට සල්ලි ඉල්ල ඉල්ල දගලන්න තරම්. "

" අනික් මිනිස්සු නම් නැතුව ඇති. ඒත් තෝ නම් අමනුස්සයෙක්...."

" අම්මපා මට ගහන්ඩ ඕනෙ හොඳ කරන්ඩ එනවට. "

"  වරෙන් ගහන්ඩ...කොහොමත් දැන් හුරු අතත් බේත් බැඳලනෙ "

# මේයකා මොකද්ද මේ ඇගට පතට නොදැනි කියන්ඩ හදන්නෙ....අනේ ඇටිකුකුලො..මම දන්නැද්ද තොගෙ හැටි. මොකක් හරි කියලා මාව ෆෝම් කරලා..මගෙන් කියවෙන වචනයක් අල්ලන් මට කින්ඩිය දායි . සුදු අප්පු...අහු වෙන්ඩ එපා ඕකගෙ ගැට වලට #

" හහ්...හිතාන ඇති.  වෙන වැඩ නෑ නෙ. එක එක්කෙනාගෙ වතුර මාරු කරන්ඩ අපිට. ඔයා හොයාගන්ඩ ඒවට හරියන ජාතියෙ හොඳ ගොං පහේ බඩ්ඩක්...අපිට නම් අමාරුවක් නෑ..."

# ශික්...ඒ ටික නම් කියවුනා සැර වැඩී...කවදාවත් මූ කිසිම දේකට ට්‍රයි කරන එකක් නෑ....දැන් ඉතින් මොනවා කරන්නද...මටත් බ්‍රේක් නෑ නෙ #

" පුහ්....අනේ මට කොල්ලො නෑ කියලද හිතන් ඉන්නෙ...එක කෝල් එකයි දෙන්ඩ ඕනෙ...දහයක් විස්සක් උනත් එයි ...."

අපි අපේWhere stories live. Discover now