CHAPTER 5

298 93 2
                                    

සතියක් පමණ එකදිගට හන් නිවසේ පරික්ෂණ තිබුණ නිසා මට ඒ හැමදවසකම මීහීව බලන්න පුලුවන් වුණා. ඒ හැම දවසකම එයාත් එක්ක වචනයක් දෙකක් හරි කතා කරන්න අමතක කරේ නෑ. ඒ කාලේට එයා මාත් එක්ක සමීප වුනා. ඒ කීප දවසට මට දැනුනා එයා කොච්චර කරුණාවන්ත, අහිංසක ද කියලා.

ඒත්...

අද අපි හන් නම්ගිල්ගේ අපරාධකරයාව අපේ භාරයට ගන්න යන්නේ. මෙතැන මීහීගේ ගෙදර වුණත් දැන් මට මෙහේ හොදට හුරු පුරුදුයි. හොද හුස්මක් අරන් ගෙදර ඇතුළට යද්දි එතැන සේහිත් තව එක පිරිමියෙකුත් හිටියා. මං දන්නවා ඒ කවුද කියලා. එතනට යද්දී ම මගේ මීහීත් එතනට ආවා. එයා කවද්ද මගේ වුනේ. දන්නේ නෑ. එහෙම කියන්න මං කැමතියි. ඒත් මේකෙන් පස්සේ එයා මට වෛර කරයිද?

"මිසිස් හන් සේහි සහ මිස්ටර් ලී ජොන්ග් ඔයාලට අරෙස්ට් වොරන්ට් එකක් තියෙනවා."

එහෙම කියද්දී තුන්දෙනාම මූනෙන් මූනෙන් බලාගත්තේ පුදුමයෙන්

"මො..මොනවද මේ ඔෆිසර් පාක් කියන්නේ?"

"මං මොනවාද කියන්නේ කියලා ඔයාලා හොදට දන්නවානේ. අරෙස්ට් දෙම්."

"අනේ ජිමින් ඔයාට වැරදීමක් වෙලා වෙන්න ඇති... ඔ..ඔම්මා එහෙම න...නෑ. අප්පා..අප්පාව එයා නෙමෙයි. මට ඔම්මා විතරයි ඉන්නේ ජිමින් ප්ලීස්"

"ඔක්කොම හොදින් වෙයි මීහී."

මීහී මගේ අතේ එල්ලිලා කෑ ගගහා අඩද්දී. මට එයාට කියන්න පුලුවන් වුනේ එච්චරයි. එයා එතන කෑගගහා අඩද්දී මම එයාව එතන තනියම දාලා යන්න ගියා.

ලී ජොන්ග් කියන්නේ සේහිගේ එකම සහෝදරයා. විටින් විට සේහිගේ හැසිරීම මොන වගේද කියලා බලන්න මං එයාගේ පිටිපස්සේ ඔත්තුකාරයෝ දාලා හිටියා. නම්ගිල්ට පිහියෙන් ඇනලා තිබ්බේ වමත් හුරු කෙනෙක්. එදා සේහි වමතින් තේ කෝප්පේ අතට ගත්ත නිසා පොඩි සැකයක් මතු වුනත් එයාම කියලා මම හිතුවේ නෑ.

හන් නිවසින් මොනවත්ම සාක්ෂි හම්බුනේ නැති නිසා ලී ජොන්ග්ගේ ගෙදරට මම හොරෙන් පැන්නේ එයා ගෙදර නැති වෙලාවක් බලලයි. ඒ ගෙදර මොකක් හරි සාක්ෂියක් තියෙයි කියලා කියලා තිබුනු බලාපොරොත්තුව ඉටු වෙමින්. ලොකු කලු බෑග් එකක තිබුනු ලේ ගෑවිච්ච පිහියකුත්, ලනුවකුත්, නැති වෙලා තිබ්බ CCTV රෙකෝඩින්වල ටේප් එකත් හම්බුනා. වෙන කිසිම සාක්ෂියකට වඩා ඒ ටේප් එක ගොඩක් ප්‍රයෝජනවත් වුනා. සේහි පිහියෙන් අනිද්දී ජොන්ග් ඇවිත් ලනුව තද කරන හැටි හොදින් ඒකේ සටහන් වෙලා තිබ්බා.

MISSION 🌸~PJM (Completed)Where stories live. Discover now