O7 ❥︎ 𝑯𝒊𝒔 𝑴𝑨𝑻𝑬!

376 89 3
                                    

My Rogue Luna

Episode 07

Your Veiw

අපිට උදව් ගන්න කියල ජිමින් මාවත් එක්කන් ආවෙ ලෙනක් ලඟට එයා ඒ කෙනාට කතා කරද්දීත් මන් හිටයෙ කුතුහලයෙන් මොකද මේ හුඟ කාලෙකින් මම මගේ Pack එකේ කෙනෙක්ව හම්බවෙන්නෙ. මට උවමනාවක් තිබ්බෙ නෑ මෙච්චර ඉක්මනට ආයෙ මගේ Pack එකේ කෙනෙක්ව හම්බවෙන්න මොකද මට ඕන වුණේ Pack එකට මැරුණ කෙනෙක් වගේ ඉඳල කාලෙ ආවම මගේ පලිගැනීම ගැනීම ඉවර වුණාම Pack එක මගේ අතට ගන්නයි.

"Luna Y/N...!"

මන් හිතුවෙ නැහැ මෙච්චර කාලයක් ගිහිල්ලත් Pack එකේ කෙනෙක්ට මාව මතක තියේවි කියල ඒ විතරක්ද මෙයා මාව අඳුරගත්තත්නෙ? මට Namjoon කියන නම මතකෙ තිබ්බට මේ කවුද කියල ඒ තරම් මතකයක් නැහැ. මොකද ඒ කාලෙ මම ගොඩක් පොඩියි.

"Alpha...! මේ මේ...?"
Namjoonට කතා කරගන්න වචනත් නැහැ එයා ෂොක් වෙලා.

"ආහ් හියුන් ඔව් Y/N තමා මේ... අපිට පොඩි කරදරයක් වුණා......"
ජිමින් අපිට වුණ සිද්ධිය එකින් එක ගලපල ඔක්කොම කියද්දි Namjoon හුඟක් අවධානෙන් අහගෙන හිටිය. ඊට පස්සෙ තමයි එයාට අපේ මාංචු ගලවන්න ඕන කියල මතක් වුණේ. එලියට චූටියට පේන ඒ ලෙන ඇතුලට ගිය අපි Namjoon කියපු තැන තිබුණ දිග ලී බංකුව උඩින් ඉඳගෙන වටපිට බලන්න පටන් ගත්තෙ Namjoon අපේ මාංචු ගලවන්න හරියන දෙයක් හොයන් එන්න ගියාමයි.

එලියට පොඩියට පෙනුනට ලෙන ඇතුලෙ හුඟක් ඉඩ තියෙනව. එක එක පරීක්ෂන උපකරණ තැනින් තැන තිබුන ලෙන හරිම පිලිවෙලයි. Namjoon, Scientists කෙනෙක්වත්ද? ඒකනම් මරු වගේ...

"Y/N-ah... ඔයා මොනවද ඔය තරම් මගෙන් හංගන්නෙ? මට කියන්න බැරිද ඒ දේවල්? ඔයා ඇයි මෙහෙම-"

"Shut up"
මට මහ අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගත්ත නිසා ඒ ගැන අවධානය යොමු කරන්නයි මම ජිමින්ගෙ කියවිල්ල නතර කළේ. ආර්හ් Yoon...! එයාට මොකක් හරි වෙලා මට දැනෙනව ඒක. එයා මන් එක්ක mind link එකක් හදාගන්න උත්සාහ කරනව ඒත් ඇයි එයා කතා කරන්නේ නැත්තේ?

*Yoon...! Yoon...! What's wrong?*

කොච්චර Yoonට කතා කරන්න උත්සහ කලත් ඒ එකක්වත් හරි ගියේ නැති තැන Namjoon අපේ මාංචු ගැලෙව්වට පස්සෙ අංශක අනූවටම කොන්ද නමල එයාට ස්තූති කරපු මම ජිමින්ගෙ කතා කලත් ඒ ගැන බලන්නෙ නැතුව ඉක්මනටම Rogue House එකට දුවන්න පටන් ගත්තා.

𝗠𝘆 𝗥𝗼𝗴𝘂𝗲 𝗟𝘂𝗻𝗮 ❥︎ 𝖥𝖺𝗇𝗍𝖺𝗌𝗒 ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now