°• 08 •° promise 🌹

1.3K 330 37
                                    

බෙලීනා : " නුඹ මට කල දේට වන්දි ගෙවන්න වෙයි නුඹට.. ජාති ජාතිත් මං උබේ පස්සෙන් ඇවිල්ල උබේ ජීවිතේ අපායක් කරනවා.... " 🤬

             බෙලීනා කොර ගගහ කන්ද මුදුනේ පිටු පස හැරිලා අඩ අඩ උන්න කියෝට බැන වදිනවා... ඒ ඇගේ පාදය සදාකාලයටම කොර කලාට...

" මම නුඹට ශාප කරනවා.. මගේ ඔරාබොනිට කරපු දේටත් ... මගේ ආදරය මගෙන් වෙන් කලාටත් ... නුඹට යම් දිනක මේ හැමදේටම වන්දි ගෙවන්න වෙයි.... " 😫

බෙලීනට පිටුපා කතා කල කල කියෝ දැඩි ලෙස ඉකි තලන්නට ගත්තා....

" මරා දමනු ඇයව...
ඇයට නොහැකී මා පුතු හා එක්වීමට...
එසේ උවහොත් ඔවුන්ගේ පිරිසිදු ආත්මයන් මේ රාජ්‍ය පාලනය කරාවි...
අපගේ බලබිදී යාවි..." 😡

පසෙක උන් මැදිවියේ පාක් කිව්වෙ අහක බලාගන... ඒ අනත් සමගම දුනු වායන් සූදානම් වූයේ ගල් කන්ද මුදුනේ හඩන කියෝට විදීමටයි.

" උතුමානනි ඔබත් මගේ මව රැවටුවා..
බල තන්හාවට... උබටත් වන්දි ගෙවන්න වෙයි පිරිසිදු ආත්මයන්ට කල දේට.
අමතක කරන්නට එපා... ඔබේ පුතුත් පිරිසිදු ආත්මයක් බව...
දිනෙක ඔබේම අය ඔබට ද්‍රෝහීන් වේවි... " 🥺

තරුනිය හඩමින් පැවසුවේ කලකිරීමෙන්..

" විදින්න... "

පාක්ගේ හඩට දුනුවායන් ඊ තල විදීමට ගත්තා...

" ජීමිනා මට යන්න වෙනව... ඔබ දැනටම ජීනී හා බැදී අවසාන ඇති...
මගේ මවත් අයියන්ඩිත් යන්න ගියා...
මෙලොව ඔබත් මට අහිමිනම් මා කා හා වෙසෙන්නද....
මාත් ඔවුන් ලගට යනවා....
නැවත භවයක ඔබ හා එක්වන්නට හැකිනම්..
ඔබ හා එකතු වී සතුටින් ජීවත් වීමට කැමතී මම... අපේ දරුවාත් සමග....
සරංහේ ජීමිනා.... " 😓

කදුලු බිදුවක් ඇගේ ඇසින් පොලවට පතිත වෙනවාත් එක්කම එක් වරම මේ දෙසට හැරෙන කියෝගේ පපුවට වදින ඊයක් එක්කම ඇගේ පය ලිස්සා ගල් පර්වතය මුදුනෙන් බිමට ඇදගෙන වැටෙන්නට උනා...
මේ වන විට තරුනිය සමග ඇගේ නූපන් දරුවාත් මිය ගිය බව කව්රුත් දන්නෙ නෑ....

............................................

Attention ....

මෙම කතාවේ මින් ඉදිරියට කාලයක් සමග ජීමින් කුමරු මිය ගිය බවත් ඔහුගේ සිරුර කියෝ මිය ගිය ස්තානයේ මිහිදන් කල බවත් සදහන් වෙනව...
ඒවා දැනටත් ජේජු දිවයිනේ ඇති බවත් අලුත විවාහ වන ආදරවන්තයින් ඔවුන්ගේ ආත්මයන්ට සුව පැතීමට එහි යන බවත් වැඩිදුරට සදහන් වෙනව.. 
පාක් පාලනපති තුමාත් මරා දැමූ බව සදහන් වන නමුත් ඒ කව්රුදැයි හෙලි වී නැහැ..
තම බලය දරා ගැනීමට නොහැකිව හෝ යම් ලෝභ කමකින් බෙලීනාත් වසර 143 ජීවත්ව මිය ගිය බව සදහන් වනවා..

PROMISE 🤞🌹 ( Complete  )Waar verhalen tot leven komen. Ontdek het nu