At college🌼

අද කුකියයි මායි දෙන්නම college එකට ගියේ එකට.වෙනදට ගේට්ටුව ගාව ඉදන් කුකියගෙ පස්සෙන් එලෝන කෙල්ලො ටික අද කුකිය එක්ක මාව දැකල හොරෙන් බල බල මට රවනව 😂.
පවු ඉතින් අසරණ ජීවිත.

අපි දෙන්න පන්තියට ගිහින් බෑග් දෙක තියනවත් එක්කම anousment එකක් ඇහුනා.

"සියලුම නවක සිසුන් දැන්ම ම ප්‍රධාන ශාලාව ඉදිරියට රැස් වන්න.
ස්තූතියි."

ඒ වෙලාවෙ අපේ මුලු lecture hall එකේම හිටපු ලමයි කිව්ව තැනට ගියේ තමන්ගෙ නිවාසෙ අහගන්න.

Houses හතර 👇

Jasmine ❤️
Dazzling 💙
Scot 💛
Dorrents💚

.........................................

House captain ලව stage එකට නග්ගල තමන්ගෙ house එකේ නමත් එක්ක තමන්ගෙ නම කිව්වහම house captain ගාවට යන්න විතරයි අපිට තිබ්බෙ.

ලමයින්ගෙ නම් කියාගෙන යන අතරතුරේ

"Jungkook - dazzling නිවාසය 💙"

කුකියගෙ නම කිව්වට පස්සෙ එයා එයාගෙ house captain ගාවට ගියා.මම දැන් බලන් ඉන්නෙ මාව මොකට වැටෙයිද කියල.හිතයටින් කුකියගෙ එකට වැටෙන්න කිය කිය ප්‍රාර්ථනා කර කර මගෙ නම කියනකන් හිටියා.

"Songyi - jasmine නිවාසය ❤️"

එහෙම කිව්ව විතරයි මගෙ බලාපොරොත්තු සුන් වෙලා ගියා.මට පේනව ස්ටේජ් එකට වෙලා කුකියත් බලාපොරොත්තු සුන් වෙලා වගේ මගෙ දිහා බලන් ඉන්නව.මම house captain ගාවට යන්න හදනකොටම house වලට ලමයින්ව බෙදපු teacher ආයෙ කතා කරා.

"සමාවෙන්න! පොඩි වැරදීමක්.........

Songyi - dazzling නිවාසය 💙"

එයා ඒක කිව්ව විතරයි මට දැනිච්ච සතුට දන්නෙ මම විතරයි.හිතයටින් yes ✊කියල අත මිටමොලෝ ගන්න ගමන් මමත් captain ගාවට ගියා.නිවාස බෙදුවට පස්සෙ අපිට තිබ්බෙ අනිත් captain ලව බෙදාගන්න.

කුකිය තව කොල්ලො දෙන්නෙක් එක්ක කයියක් දාන් ඉද්දි කවුද කෙල්ලෙක් නැගිටල Jungkook කිලය කුකියව sport captain විදිහට යෝජනා කරා.
තමන්ගෙ නම යෝජනා කරපු වෙලාවෙ කුකියගෙ මූන තමා බලන්න තිබ්බෙ 😂

ඒ වෙලාවෙ කුකිය එක්ක කතාකර කර හිටපු කොල්ලෙක් නැගිටල කුකියව ස්තීර කරා 😂.මම බලන් හිටියෙ මෙයාගෙ මූන දිහා..

♡ LOVE WINGS ♡ [Completed]Where stories live. Discover now