2. කතාවේ නම - book name

624 163 12
                                    

මේක හරීම වැදගත් අංගයක්. මේක තමයි වැදගත්ම දේ.

මම පුද්ගලිකව හිතන විදිහට මම අද ⁣මේ ලබාගත්තු රීඩර්ස්ලා ගාණ ලැබු⁣ණේ මම කතාවලට දාපු නම් නිසා.

කපුකම කියන්නේ වෙනස් නමක්නේ... එතනින් පටන් ගත්තු ගමන තමයි මම තාමත් මේ යන්නේ.

ඔයාගේ කතාවේ නම පුළුවන් තරම් unique කරන්න.

උදාහරණයක් විදිහට සිංදුවක නමක් දානවා නම් ඒක ටිකක් වෙනස් විදිහට පාවිච්චි කරන්න.

I need you
Save me
Boy With love

වගේ නම් දැන් හැමතැනම තියෙන නිසා ඔයාගේ කතාව ටිකක් වෙනස් නමකින් ඉදිරියට ගේන්න. කතාව වෙනස් නමකින් තිබුණහම ඔයාට ලැබෙන ආකර්ෂණය වැඩියි.

උදාහරණයක් විදිහට මට කියන්න තියෙන්නේ homophobia. ඒ කතාව තමයි දැනට මගේ වැඩිම views තිබ්බ හා මම දැනටත් වැඩියම ආදරේ කරන පොත.

කතාව කෙසේ වෙතත් ඒ දවස්වල කට්ටිය ඒ කතාව කියෙව්වේ නම නිසා සහ description එක නිසා.

කතාවේ නම අනිවාර්යයෙන්ම කතාවට අදාළ විය යුතු බව මතක තියාගන්න.

ඒ කියන්නේ දැන් කතාවට robot කියලා නම දානවා නම් ඒක රොබෝ තාක්ෂණය හෝ robot කෙනෙක් වගේ හැසිරෙන මනුස්සයෙක් ගැන හෝ යම් සම්බන්ධයක් තියෙන කතාවක් වෙන්න ඕන. robot කියලා නම දාපු කතාවකින් සාමාන්‍ය හම්බුණා කිස් කළා දෙයක් දෙන්න එපා.

කතාවේ නම කියවන්න පුළුවන් අකුරින් ටයිප් කරන්න.

ඕනවට වඩා ෆැන්සි වැඩ දාන්න එපා. මොකද ඒකෙන් නම කියවන්න කම්මැලි හිතෙන්න පුළුවන්.

මතක තියාගන්න හැම වෙලාවෙම නම වෙනස් කරගන්න.

සාමාන්‍ය නමක් දාන තරමට ආකර්ෂණය අඩු විය හැකියි. 

වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණයWhere stories live. Discover now