රහස එළියට 🙄

681 185 24
                                    

ඒත් එයා එයාවම කන්ට්‍රෝල් කරගන්න උත්සාහ කලේ එයා මේ ප්ලෑන් කරපු වැඩේ සාර්ථක කරගන්න හිතාගෙනමයි. බෝ ගෙ ඉරියව් වල වෙනස ළඟ ඉන්න ශෙන් යූ ට පෙනුනට කැමරාවෙන් බලන් ඉන්න සීන් ට තේරුණේ නෑ. ශෙන් යූ දැනගත්තා බෝවන්ගෙ බෙහෙත ඇක්ටිව් වෙන්න පටන් අරන් කියලා. බෝ ට, ශෙන් යූ ව යවන්න විදියක් නැහැ එයාම කතා කරන්න ඕන කියලා එක්කන් ආව නිසා. ඒ වගේම මේ වැඩේ අදම සීන් එන්න කලින් ඉවර කරගන්නයි බෝ ට අවශ්‍ය වුණේ. ඒත් එක්කම බෝ ශෙන් යූ ගෙන් ආයි ප්‍රශ්නයක් ඇහුවෙ එයාව උපරිම කන්ට්‍රෝල් කරගෙන.

" Then I will ask directly. Do you like me? "

" බෝ.... ඔයා මොනාද "

"Tell me the truth. Do you like me or not. I won't ask again "

" Yes. It's not only likes, I love you. But I have some doubt. ඔයා අර බෝයිට කැමති නැද්....."

බෝ දැනගෙන හිටියා ශෙන් යූ ගෙ පිටිපස්සෙන් ග්රෑන්පා ඉන්නවා කියලා. ඒත් මෙයාව මේ තරම් උනන්දු කරවන කෙනා (ග්රෑන්පා) බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියලා දැනගන්න බෝට ඕන වුණා. ඒ නිසාම කොල්ලා රඟපෑවා එයත් ශෙන් යූ ට කැමතී වගේ. එයාගෙ කටින් කියන්න අකමැති වචනත් එවලේ කිව්වෙ මේකෙ සුල මුල හොයාගන්න හිතාගෙනමයි.

" අයියෝ.. එයා කවුද අප්පා. මගෙ වැඩ ටික කරවගන්නයි, පොඩ්ඩක් ටයිම් පාස් කරගන්නයි එයාව මං තියන් ඉන්නේ "

ඒ වචන ටික බෝ ගෙ කටින් පිට වෙද්දිම කැමරාව දිහා බලන් හිටපු සීන් ගෙ මුළු ලෝකෙම කෑලි කෑලි වලට කැඩුණා වගේ කියලා දැනුනා. පපුවෙ වේගෙත් එක්ක එයා තවත් කැමරාව දිහා බලන් හිටියෙ බෝ ගෙ ඊළඟ ප්‍රතිචාරය මොන වගේද කියලා.

එහෙම කියද්දිම ශෙන් යූ එයා හිටපු තැනින් නැගිටලා බෝ ගෙ ළඟින් වාඩි වුණේ හරියට කාන්දමක් යකඩෙකට ඇදෙනවා වගේ. ශෙන් යූ වාඩි වෙලා බෝ ගෙ කලව හරියෙන් එයාගෙ අත තියාගත්තේ බෝ ගෙ අවධානය එයාට නම්ම ගන්න. බෝවන් දීපු බෙහෙතේ බලපෑම උත්සන්න වුණේ ශෙන් යූ එයගෙ අතින් බෝගෙ කලව අත ගාද්දි.

" බෝ.. ඔයාට බැරිද ඒ කොල්ලාව අස් කරලා දාන්න. බලන්න ඒ මනුස්සයා හරියට ඉගෙනගෙනවත් නෑ. මේ ජොබ් එකට තියා WC එකේ අතුගාන්නවත් ඒ මිනිහා සුදුසු නෑ. "

LET ME (COMPLETED)Where stories live. Discover now