සෙල්ලමේ ආරම්භය 👈

Start from the beginning
                                    

" හෙලෝ.. "

" හෙලෝ....ලොකු බොස්. කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා. ඉතින් ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවාද? මොකද්ද බොස් කෙරෙන්න ඕන? "

" මං ෆොටෝ එකක් එවන්නම්. දවස් දෙක තුනක් ඇතුලත වැඩේ වෙන්න ඕන."

" පරණ විදියටම ද නැත්නම් "

" සාමාන්‍යය ඇක්සිඩන්ට් එකක් වගේ වුණොත් කිසිම කෙනෙක් සැක කරන එකක් නැහැ. "

" බොස්ට ඕන විදියට වැඩේ වෙයි. මට ෆෝටෝ එක එවලා තියන්න. "

මිස්ට වංග් කෝල් එක ඉවර වෙලා සමච්චල් හිනාවක් සද්දෙන් දැම්මෙ අදාල ෆොටෝ එක කෝල් කරපු පුද්ගලයාට යවලා. එහෙම්ම අනික් පැත්ත හැරුණේ ගෙට යන්න. ඒත් එයාගෙ පිටිපස්සෙන් හිටියෙ එයා ගොඩක් ආදරේ කරන, ඒත් කවදාවත් ළඟින් තියාගන්න බැරිවුණ පුතා. මිස්ට වංග් තමන්වම කන්ට්‍රෝල් කරගෙන එයා එක්ක කතා කලේ මුකුත් නොවුණ ගානටයි.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

WC Corporation, Bo's cabin

සීන් හවස වැඩත් ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දි ශෙන් යූ ඔෆිස් එකට සුපුරුදු පරිදි කඩාගෙන බිඳගෙන ආවා. හැබැයි ඒ ආවෙ ලොකු ප්ලෑන් එකක් ග්රෑන්පා එක්ක හදාගෙන.

" මේ ඉන්නෙ... ලොකු මහත්තයා. මේ අහනවා. තමුන් වගේ...."


ශෙන් යූ ට එයා කියන්න ආව දේ සම්පූර්ණ කරන්න හම්බුණේ නෑ සීන් මැද්දට පැන්නා.

" ඔයා කවුද කියන්න මං දන්නෙ නැහැ. මට දැනගන්න ඕනත් නැහැ. ඒත් කරුණාකරල මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න. ඔයත් එක්ක කතා කරන්න පුළුවන් මූඩ් එකක මං නැහැ. "

සීන් එහෙම කියලා යන්න හැරෙද්දිම ශෙන් යූ සීන් ගෙ අතින් ඇද්දා. ඇදපු පාරට සීන් ගෙ කකුල පැටලිලා බඩ ටේබල් එකේ වදින්න ගියා. ටේබල් එකේ වදින්න ඔන්න මෙන්න තියලා සීන් බඩ එයාගෙ නිදහස් අතින් කවර් කරගත්තෙ ශෙන් යූ ගෙ දිහා නපුරු බැල්මක් හෙලලමයි.

" බලන් ඉන්නවා තමුසෙ කොයි තරම් රැව්වා ගෙරෙව්වත් තමුසෙට බෑ මගෙ බෝ ගෙ ළඟටවත් එන්න. හෙටින් පස්සෙ ... හෙටින් පස්සෙ ඉඳන් මං එයා ළඟින්ම ඉන්නවා. "

LET ME (COMPLETED)Where stories live. Discover now