"ඒ වගේම සුගා ශී , ඔයාලා අලුත් ඇල්බම් එකට Love yourself , Self confidence වගේ තේමාවන් යොදාගෙන තියෙන්නෙ ඒ පරන වැරදි වහන්නද?"

ඒ වචන ඇහෙද්දි යුන්ගිගෙ කටකොනට ඉබේම හිනාවක් මතු උනා..

"ඔව් ඔය විදියෙ චෝදනා ගොඩක් මේ අවුරුදු පහ් පුරාවට අපිට ආවා..තවමත් එනවා..ඒත් කවුරුත් තාම ඔය හොරා ගත්තා කියන දේවල් ඔප්පු කරල නම් නෑ අගස්සි..අපි ඒ ගැන ආයතනය පැත්තෙන් ගන්න තියෙන උපරිම ක්‍රියාමාර්ග අරගෙනයි තියෙන්නෙ.මං නම් දකින්නෙ ඕවා අපේ ගමනට ආපු මඩ විතරයි.."

යුන්ගි මයික් එක මේසෙ උඩින් තියෙනවත් එක්කම තවත් මාධ්‍යවේදියෙක් කතා කරන්න හැදුවත් කලින් ප්‍රශ්න අහපු තරුන මාධ්‍යවේදිනිය ආයෙත් නැගිට්ටා..

"ඒත් 2020 දෙසැම්බර් තුන්වෙනිදා ප්‍රසිද්ධ ජයාරූප ශිල්පී බොක් ගුම් ඔබේ ආයතනයටත් ඔබේ කන්ඩායමටත් විරුද්ධව නීතිමය පියවර ගන්නවා.ඒ ගැන මොක්ද කියන්න තියෙන්නෙ.."

ඒ වචන ඇහෙනවත් එක්කම යුන්ගිගෙ ඉවසීමේ සීමාව පැන්නා..යුන්ගි කතා කරන්න යද්දිම නම්ජුන් මයික් එකාතට අරන් කතා කරා. 

"ඒ සම්බන්ධව නීතිමය කටයුතු කෙරීගෙන යනවා..වැඩිදුර තොරතුරු ආයතනයෙන් ලබාගන්න පුලුවන්..මොකද අපි ආයතනයේ කලාකරුවන් විතරයි..ඒ හැම ගීතයකම නීතිමය අයිතිය තියෙන්නෙ bighit ආයතනයට.."

"ඔයාලා හරි ලේසියෙන් ප්‍ර්ශ්න වලින් පැනල යනවනෙ නම්ජුන් ශි..'

ඒත් එක්කම මැනේජර් සේජින් එතනට ඇවිත් මාධ්‍ය සාකච්ඡාව අවසන් කරල BTS ලව එතනින් ඉක්මනට අරගෙන ගියා..ඒ වෙනකොටත් යුන්ගි වගේම ජන්ගුකුත් උන්නෙ හොදටම කේන්තියෙන්..මොකද අලුත් සිංදුව ගැන එයාලට කතා කරන්න ලැබුනෙ බොහොම ටිකයි..

"කොහෙන් ආපු පත්තර කාරියෙක්ද හයොන්ග් ඒ"

රෙස්ට් රූම් එකට ආපු ගමන් හෝබි තරහින් කෑ ගැහුවා..යුන්ගි ෆෝන් එකත් ඔබ ඔබ එහෙම්ම සෝෆා එකට වැටුනා.හැමෝආ උන්නෙ ටිකක් නොසන්සුන් ව..නම්ජුන් හෝබිගෙ පිටට තට්ටුවක් දාල යුන්ගි ගාවින් වාඩි වෙද්දි ටේමින්කුක් කොෆී කප් තුනකුත් අරගෙන ඉස්සරහින් වාඩි උනා..

CYPHER (Completed)Where stories live. Discover now