" අහ් කුකියා.. මම දැන් ස්ටේශන් එකට යනවා... මින්ජේව ඩිස්චාජ් කරන්න පුලුවන් කිව්වා... ඒ තරම් ඩැමේජ් එකක් නෑ කොල්ලට... ඉක්මනට මෙහෙන් අරන් යන්න... මට ටිකක් සැකයි හ්‍යුන් ශික් ව.. "

යුන්ගි හ්‍යුන්ග් එහෙම කියන ගමන් මගෙ පිටට තට්ටුවක් දාලා යන්න යද්දි මම මින්ජෙගේ අතක් අල්ලන් ඇඳ උඩින් වාඩි උනා...

" කූ... බයවෙන්නෙපා මින්ජේ හොඳින්... ඔයාට අමාරුවක් නෑ නේද?? "

කූ? එයා කූ කියලද කිව්වේ... නැත්තං මට ඇහුන හැටිද? ඉරේ ඔයා මට කෙනෙක්ව මතක් කරවනවා හැමතිස්සෙම ... මම මටම කියාගන්න ගමන් ඉරේ දිහා බැලුවා..

" ජන්ග්කුක් ඔයා හොඳින් නේද? "

" දේ... මේක ඇඳගන්න... ඔයාගේ ඇඟ පේනවා..."

ඉරේ ඇහුවේ මං දිහා අනුකම්පාවෙන් බලන ගමන්... ඔලුවේ දහසක් දේවල් කැරකෙද්දි මං ඉරේ දිහා බැලුවම දැක්කේ තාමත් එයා ලේ වගේම දාඩිය පිරුණ ටී එකක් ඇඳගෙන ඉන්න බව... ඉරේගේ ඇඳුම ටිකක් තුනී වගේ නිසා මම ඇඳන් හිටපු ජැකට් එක දෙද්දී ඉරේගේ මූණ රතු වෙලා ගියා..

" මගේ පණ... අමාරුයිද මැණික...?? ඉක්මනට ඇස් අරින්න මගෙ පැටියා ඔහොම ඉද්දි අප්පගෙ මෙතන හුඟක් රිදෙනවා... "

මම කිව්වේ මගේ පපුවට අත තියන ගමන්.. මම ඒ එක්කම ඉරේ දිහා බැලුවේ මොකද උනේ කියලා අහන්න වගේ..

" මේකයි... මින්ජේ පඩිපෙලෙන් වැටුනා... රූෆ් ටොප් එකේ ඉඳන් පහලට එන්න ගිහින් කකුල පැටලිලා එයා වැටුනා.. එද්දිත් හුඟක් බ්ලීඩ් උනා මින්ජේගෙන්..ලඟම තිබුන හොස්පිටල් එක මේක නිසයි එක්කන් ආවේ මේකට.. මියානේ මට අවදානෙන් ඉන්න තිබුනා.."

" ම්ම්ම්... ඔම්මයි අප්පයි? "

" එයාලා පෝපෝගේ තුවාලෙට බෙහෙත් දාගෙන එන්න ගියා.. මං ගෙට ගිය අතරේ මින්ජේ උඩට දුවලා ආයෙම එන අතරේ තමා මේක වෙලා තියෙන්නේ... මියානේ ජන්ග්කුක් මියානේ..."

" හ්ම්ම්... "

" ඔයාට අමාරුවක් නෑනේද...? ඉස්සෙල්ලා ෆේන්ට් උන නිසා මම ඇහුවේ..."

" අනී.... මට මින්ජේගේ ලේ දිහා බලන්න අමාරුයි... හැම තිස්සෙම කැරකිල්ලක් වගෙ එනවා මින්ජේගේ ලේ දකිද්දි... අනික් අයට එහෙම නෑ.. ඒත් මින්ජේගෙන් ටිකක් බ්ලීඩ් උනත් මට හරි අමාරුයි බලන්න.. "

THE BOXER || JJK ✔️Where stories live. Discover now