මගෙ හඳ 🌙

Start from the beginning
                                    

"ම් ම්.. ඉතිං ඇයි අප්පා අහන්නේ....මොකද්ද අනේ.. පොඩි වැඩක් ..😁"

"ම්ම් එහෙමද මොනදේ වුණත් ප්‍රශ්න දාගන්න යන්න එපා. පරිස්සම් වෙන්න.අද බොඩි ගාඩ් වත් එපා කිව්වෙ ඒකයි එහෙනම්. "

"ඔයා දන්නවනෙ Bro මං කවුද කියලා? මං ඔය කරදර වල පැටලෙන කෙනෙක් නෙවේනේ...."

"ඔයා කවුද කියන එක මං හොඳටම දන්න නිසා තමයි එහෙම කිව්වේ.. හවසට වාහනයක් එවන්න ඕනේද ඔයාව ගන්න.."

හයිකුආන් බෝ වත් වාහනේ දාගෙන බෝගෙ යුනි එකට ලං වෙද්දිම,

"මාව මෙතනින් දාන්න.. වාහනේ ඕන නෑ. ෂුආන් එක්ක මං එන්නම්.."

"හරි එහෙනම්.. මම යනවා බෝ.."

හයිකුආන් වාහනේ ස්ටාට් කරන් යන්න හදනවාත් එක්කම වාහනේ වෙනසක් දැනෙන්න ගත්තා. ඒ නිසාම හයිකුආන් කාර් එකෙන් බැහැලා බලනකොට දකිනවා කාර් එකේ පැච් එකක් කියලා.

"අයියෝ ශිට් මේ මොකක්ද උනේ.. වාහනේ පැච් එකකුත් ගියානේ මේ වෙලාවෙම..

*ඒ අතර බෝ කෝල් එකකින්*

"ෂුආන්....උඹ කොහෙද ඉන්නේ..."

බෝ එයාගෙ ෆෝන් එකෙන් කතා කර කර ඉද්දි ආපහු ගේට් එක පැත්ත නිකමට වගේ හැරිලා බැලුවා. එතකොටයි දැක්කෙ අයියා වාහනෙන් එළියට එන්න හදනවා වාහනේ රෝද වල අවුලක් වෙලාද කොහෙද. කොල්ලා කෝල් එකත් කට් කරලා අයියා ළඟට ආවෙ ඇයි කියලා බලන්න.

 කොල්ලා කෝල් එකත් කට් කරලා අයියා ළඟට ආවෙ ඇයි කියලා බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" Bro... ඇයි?..."

" බලන්නකෝ මගේ වාහනෙ පැච් එකක් ගියානේ. ශිට්.. මට පරක්කුත් වෙනවා මීටිං එකට. ඒ මදිවට බොඩි ගාඩ්ලා දෙන්නට අදම කිව්වනෙ වෙනම එන්න කියලා.ඩ්‍රයිවර් නෑ. මටමයි වෙන්නෙ. "

LET ME (COMPLETED)Where stories live. Discover now