(1)

1.4K 286 100
                                    

cricket

මේ ලෝකෙ මට පේන්න බැරි දෙයක්..

ඇයි ඒ..

ඒක තනිකරම මගේ පවුලේ අයගේ වැරැද්ද..

ශෝන්..

මගේ අයියා..

යූනියන් ක්‍රිකට් ටීම් එකේ වයිස් කැප්ටන්..

ඒක මගේ යාලුවෝ, ටීචර්ස්ලා, නෑයෝ.. අහල පහල අය සේරම දැනගෙන හිටියා..

එතකොට මම..

ශෝන්ගේ නංගි..

වයිස් කැප්ටන්ගේ නංගි

හැමෝම මාව දැනගෙන හිටියේ එහෙමයි..

මගේ නම..

ඒක කාටවත් වැදගත් උනේ නෑ.. මගේ යාලුවොන්ට , ටීචර්ස්ලාට , අසල්වාසීන්ට, අනිත් කොලේජ් වල අයට , හැමෝටම මම..

ශෝන්ගේ නංගි..

එතකොට...

' මොන් ' ..

ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් ..

මගේ අයියගේ හොදම යාලුවා..

අම්මගේ දෙවනි පුතා..

මගේ ජීවිතේ මම ක්‍රිකට් ඇරුනම වැඩියෙන්ම වෛර කරන කෙනා..

මම එයාගේ ඇත්ත නම දැනන් හිටියේ නෑ.. හැමෝම එයාට කිව්වේ ' මොන් ' කියලා..

දුබුරු පාට ඇස්.. කම්මුල් වලගැහෙන හිනාව , උස ග්‍රීක් ගෝඩ් කෙනෙක්ගේ වගේ ඇගත් එක්ක මොන් කියන්නේ ඕනම කෙල්ලෙක්ට ආස හිතෙන පෞරුෂයක් තියන කොල්ලෙක්.. මටත් එහෙමයි හිතුනේ මුලදි දැක්ක දවසෙම.. ඒත් කාලයත් එක්ක ඒ හැගීම දියවෙලා ඒ වෙනුවට තරහක් ඇතිවුනේ කවද්ද කියලා මම වත් දැනගෙන හිටියේ නෑ.. ඒ තරහා එයාත් එක්ක විතරක් නෙවෙයි.. එයාගේ මුලු ක්‍රිකට් ටීම් එකේ ඉන්න 11 දෙනා, අමතර ක්‍රීඩකයෝ, වෝටර් බෝයි, කෝච්ගේ ඉදලා ඒ ක්‍රිකට් මැච් බලන මගේ හොදම යාලුවා වෙනකම් පැතිරෙච්ච තරහක්..

ඇයි ඒ.. ඉන්න මම හේතුව කියන්නම්..

ඔයාගේ ස්කූල් එකේ ඩාන්ස් කම්පිඩිශන් එකක ඔයාගේ ඩාන්ස් එකක් තිබිලා ඒ දවසෙම අයියගේ ක්‍රිකට් මැච් එකක් තිබිලා අම්මයි තාත්තයි ක්‍රිකට් මැච් එක බලන්න යන්න තෝරගත්තොත්,

ඔයා එක්සෑම් එකකින් පලවෙනි තැන ගත්තට වඩා අයියා ටූනමන්ට් එකක බෙස්ට් බෝලර් මෙඩ්ල් එක දිනුවම අම්මලා සතුටු වෙනව නම්..

ඔයාට අමාරු එක්සෑම් එකක් තියන දවසට කලින් දවසේ අයියා මැච් එක දිනුව නිසා ගෙදර පාටියක් දානවා නම්..

යාලුවෝ ඔයත් එක්ක හිතවත් වෙන්නේ අයියා ප්‍රසිද්ද ක්‍රිකට් ප්ලේයර් කෙනෙක් නිසානම්..

පාරෙදි කොල්ලෙක් එක්ක වැරදිලා හරි කතා කරොත් ක්‍රිකට් ටීම් එකේ එකෙක් ඒක දැකලා ඔයා ගෙදර යන්න කලින් ඒ ආරංචිය ගෙදරට යනවා නම්..

කොටින්ම ඔයාගේ ගෙදර ඔයාගේ යාලුවා එන්නේ ඔයාට වඩා අයියා බලන්නනම්..

තරහ යන එක සාදාරනයි නේද..

මාව වැරදියට හිතන්න එපා.. ගෙදරින් මට කිසිම වෙනස්කමක් වෙන්නේ නෑ.. අයියා, අම්මා, තාත්තා, ඒ හැමෝම මට ගොඩක් ආදරේ බව මම දැනගෙන හිටියා..

ඒත් එයාලට මට වඩා ක්‍රිකට් ලොකුයි..

ඒ වගේම මම ඒ හේතුව නිසාම ක්‍රිකට් වලට අකමැති බවත් එයාලා දැනන් හිටියා.. ඒත් ඒක පොඩි ළමයෙක්ගේ තියන ඉරිසියාවක් මිසක් වෙන ලොකු දෙයක් විදියට එයාලා හිතුවේ නෑ.. කොටින්ම මම කියන කිසි දෙයක් ගනන් ගත්තේ නෑ..

----------

ඒත් ඒ අවුරුදු 5 කට කලින්..

දැන්..

මම අකීරා..

රටම ආදරේ කරන ප්‍රසිද්ධ ගායිකාවක් වගේම නර්ථන ශිල්පිනියක්..

--------------

හිතට ආපු අදහසක් නිසා ලිව්වේ.. බොහෝ විට ශෝට් ස්ටෝරි එකක් වේවි.. කොටස් 5-8 ක් වගේ..

' මොන් ' කව්ද?

මම ගොඩක් වෙලාවට ff වල ගන්න අයිඩල්ස්ලගේ නම් එයාලගේ ඇත්ත නම් වලට වඩා ටිකක් වෙනස් කරනවා හෝ වෙනමම නමකින් එයාලා හදුන්වනවා.. ඒක ඔයාලා දැකලා ඇති.. ( හාවා , චිමී, ටේයොන්, හොබී , බේටා වගේ) ඒකෙන් අපහාසයක් කරන්නේ නෑ හොදද..

මට වැඩිය ස්ටෝරි කියවන්න වෙන්නේ නැති නිසා මේ කන්සෙප්ට්, මේ විදියට යන ප්ලොට් වෙන අය ලියලා තියනවද කියලා මම දන්නේ නෑ.. එහෙම මොනවා හරි දෙයක් ඔයාලා දැක්කොත් කරුණාකරලා මාව දැනුවත් කරන්න..

නැත්නම් මටත් කොපි ලේබලේ වදීවි..

ස්ලෝ අප්ඩේට් යන්නේ.. සේව් කරගෙන තියාගන්න ළමයි.. වෙලාව ලැබෙන විදියට ටික ටික අප්ඩේට් කරන්නම්..

මොකද හිතෙන්නේ කතාව ගැන..

You've reached the end of published parts.

⏰ Last updated: Sep 18, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Mon ( මොන් )Where stories live. Discover now