:6: සඳ එළිය

485 169 21
                                    

ඔවුන් දෙදෙනා ඇවිද යන විට පිටත සඳ එළියෙන් නැහැවී තිබිණි.

ජිමින් නිහඬව බිම බලා සිටියේ යුන්ගිගේ ඡායාව තමාට පසුපසින් ඇදෙන ආකාරය අධ්‍යනය කරමින්ය.

යුන්ගි පසුපසින් සිට නව රජුගේ කාන්තිමත් සිරුර අධ්‍යනය කළේය.

සඳ එළියට ජිමින්ගේ සිරුරේ රන්වන් පැහැය කැපී පෙනුණු අතර ඔහුගේ හිසකෙස් දිදුළමින් තිබිණි.

'ඇයි ඒ වගේ දෙයක් වෙන්නේ?' ජිමින්ගේ මුවින් පිටවිණි.

'සමාවෙන්න?'

'ඇයි එක වගේ දෙන්නෙක් එකතු වෙන එක ආගමෙන් තහනම්?'

යුන්ගිගේ ගැඹුරු බැල්ම නැවතත් ජිමින් තුළට කිඳා බැසිණි.

පිළිතුර ලෙස රැහැයියෙක්ගේ නද පැතිරිණි.

GAY IS A SIN || YOONMIN || COMPLETEDWhere stories live. Discover now